තෙවන දිගහැරුම

604 62 4
                                    

මන් හොස්ටල් එකට ඇවිත් වොෂ් එකක් දාගෙන බැල්කනියට ආවේ දවල් සිද්ද වුනු දේවල් නිසා නොසන්සුන් වුන මගෙ හිත සන්සුන් කරගන්න . බැහැගෙනයන ඉරේ ලස්සන පාටින් මුලු කොළඹ අහසම හැඩ වෙලා තිබුනු හැටි බැල්කනියට හරි ලස්සනට පෙනුනා . ඒ දසුන මගේ හිතට ගෙනාවෙ සහනයක් . මන් ඒ සුවය විදින අතරෙ එතනට ආවේ ශෂික .

🤗"මොකද මෙතන කරන්නෙ දවල් වුන දේවල් ගැනද හිතන්නෙ "

😍"හ්ම් ඒ වෙලාවෙ හරි කියලා හිතපු දේ කලා ඒත් දැන් ..."

🤗" ඇයි දැන් උබ පසුතැවෙනවද ඒ මොකටද ආ මන්නම් හිතන්නෙ උබ කරපු දේ හරි "

😍" මන් කරපු දේ හරි වෙන්න පුලුවන් බන් ඒත් අයේෂ් ඒ ගැන කොහොම තේරුම් ගනීද දන්නෙ නෑනෙ එයාට මේක ලැජ්ජාවක් වුනා කියල හිතුනොත් "

🤗" අනේ වැඩිය හිතන්න එපා බන් උබ ඌට ඒක හෙට පැහැදිලි කරල දීපන් කොහොමත් ඌ උබ කියන දේවල් අහනවනෙ "

😍 " ඒත් කොහොමද මන් එයාට මූණ දෙන්නෙ "

🤗" මූණ දෙන්න බැරිනම් අද අත දුන්න වගේ හෙට කකුල දෙමු "

😍"පල යන්න මෙතන හුයන්නක් කියන්නෙ නැතුව "

🤗"හරි හරි වැඩිය හිතන්න එපා ඌ තේරුම් ගනී "

😍"මාත් එහෙම හිතනවා "

පහුවදා උදේ ලෑස්ති වෙලා ලෙක්චර්ස් එකට යන්න ගියේ හිත හයිය කරගෙන . මායි ශෂිකයි හෝල් එක පැත්තට යන්න හදනකොටම දැක්කෙ ඈත ඉන්න අයේෂ්වයි ශෙවෝන්වයි.අයේෂ් ව දැකපු හැටිය හිතේ තිබුනු ශක්තිය නැති වෙලා යද්දී මන් එහෙම්මම හැරුනෙ ලෙක්චර් හෝල් එකට යන්න තිබුනු අනික් පාරට. ඒක කවුරුත් වැඩිය නොයෙන පැත්තක් . මොකොද ඒ පැත්තෙ තමයි රුසිරු කියන කොල්ලගෙ නවාතැන . එයා කැම්පස් එකේ මැරයෙක් වගේ කොල්ලෙක් කවුරුත් කැමති නෑ එයත් එක්ක පැටලෙන්න .කෙල්ලෙක් වුනත් කොල්ලෙක් වුනත් ඌට අදාල නෑ රස බලන්න

🤗" උබට පිස්සුද බන් මේ පැත්තෙන් යන්න "

😍"ඇයි "

🤗"දැන්  උබ දන්නෙ නැද්ද අර මූසලයා ඉන්නෙ මේ පැත්තේ කියලා"

😍" දන්නවා ඇයි දැන් අපි ඌට බයේ ඉන්න ඕනිද මේ කැම්පස් එක උගේද අනේ මෙන්න මෙහෙ වරෙන් බන් යන්න "

අපේ ආදරේ කතාව මේ 💖 ( Completed )Where stories live. Discover now