අවසන් දිගහැරුම

680 64 14
                                    

😍"අයියේ.. "

බයෙන් වගේ මන් එහෙම කියන ගමන් අපි දෙන්නම ඉදගෙන හිටපු තැනින් නැගිට්ටා

👱‍♂️ "ඔව් අයියා තමයි " නුරුස්සන ගතියෙන් ලසිත් අයියා කියල දැම්මේ මගෙ හිතේ බය තව වැඩි වෙද්දි

😍"අයියා කවද්ද ලංකාවට ආවේ "

👱‍♂️ "ඊයේ අවේ
කවුද මේ ? "

අයියා එහෙම අහුවේ අයේෂ් ව පෙන්නන ගමන්

😍"ආ මේ අයේෂ් මගේ බෝයිෆ්‍රෙන්ඩ් . අයේෂ් මේ ඉන්නෙ ලසිත් අයියා මන් ඔයට කියල තියෙනවනෙ අයියා ගැන "

👱‍♂️" ආ මෙයාද මගේ වෙන්ඩ මස්සිනා "

එහෙම කියන ගමන් දෙන්නට දෙන්න සුහදව අදුරගත්තේ මන් පුදුමයෙන් බලන් ඉද්දි

👱‍♂️ "හොදයි හොදයි එහෙනම් මන් යන්න ඕනි දෙන්නටම සුබ පැතුම් ."

🤴😍" හරි අයියේ පස්සෙ හම්බවෙමු ".

එදා දවස එහෙම ගෙවිලා ගියේ ලසිත් අයියාගෙ හැසිරීම ගැන මට කුතුහලයක් ඉතුරු කරමින් . ඒත් ටික දවසකට පස්සෙ මට අයියා හම්බවෙලා හැමදේම කිවුවා . එයාටත් මට වගේම හැමදේම අමතක කරන්න ඕනි වෙලා තියෙන්නෙ මොකද එයාට ගැලපෙන විදියේ කෙනෙක් ව එයාට ලැබිලා .

කොහොමෙන් කොහොම හරි දැන් අපේ කසාදේ දවසටම ඇවිත් .අපි ඉන්නෙ පැරිස් වල. මේ වෙනකොට ශෂික ශෙවෝන් දෙන්න කසාද බැදල හිටියේ . පෝරුවේ චාරිත්‍ර එහෙම ඉවර වෙලා වාඩිවෙලා හිටපු අපේ දිහාවට ශෂික ශෙවෝන් වගේම ලසිත් අයියාත් ආවා .

👦 "ලෙක්චර් හෝල් එකෙන් පටන් ගත්ත ලව් එකක් ගිය දුරක් නේද සුද්දො "

🤗 "ඒකනෙ ඒකනෙ "

😍" ගිය දුරක් නෙවෙයි යන දුරක් "

🤗"අම්මෝ ඉතින් හාකෝ හාකෝ"

👱‍♂️" මොනා වුනත් මට උබ ගැන දුකයි මල්ලි දැන් ඉතින් අපේ එකා එක්ක මුලු ජීවිත කාලෙම ඉන්න එපැයි "

අයියා එහෙම කිව්වම මන් රවලා අයියා දිහා බැලුවා

🤴"ඒක තමා මාත් මේ කල්පනා කලේ "

😍"ආආ දැන් එතකොට මොනාද  ඔයා කල්පනා කලේ "

🤴" ජිවීත කාලෙම ඔයත් එක්ක ඉන්න වෙන එක ගැන "

😍"ඇයි දැන් මාත් එක්ක ඉන්න එක එච්ච‍රටම හිතන්න දෙයක් ද ඔයාට "

🤴"අම්මෝ නෑ නෑ  එහෙම මුකුත් නෑ . තව ටිකෙන් අදම මගෙ ඩිවෝස් එකත් වෙනවා "

👱‍♂️"ඔය දැක්කනෙ මල්ලි තාම කසාදෙ වෙලා ගියේ පැය කීයද දැම්මම එයාගෙ බලය පතුරවලා "

අයියගෙ ඒ කතාවට අපි ඔක්කොම හිනා වෙද්දි ශෙවෝන් සංගීත කණ්ඩායම පැත්තට ගියා . මයික් එකක් අරගෙන ශෙවෝන් කරපු ගීතයක් ගායනා කරන්න කියල කරපු ආරාධනාවට අයේෂුයි මායි දෙන්නම ගල් ගැහුනා . කොහොම හරි අදිමදි කර කර ගිහින් අපි දෙන්න සිංදුවකුත් කිව්වා .

🎶 🎶🎶🎶🎶

දෑස් තාරකා හීන අහසේ පාර කිව්වා
සසරේ අත් අල්ලා දුරක් ගෙවා ඇවිත් හොයා
මාත් ආදරේ පාට හෙව්වා හේතු මැව්වා
සතුටේ හිත් දල්වා සැලෙන්නෙමි සුසුම් පවා

කුමරූ මාගේ පැතුම් පිරූ හීනේ
හිතට භාවනාව වාගේ නුඹේ සෙනේ

වසන්තේ ගෙනවේ නාඹරී
අනන්තේ කියාවී ආදරේ
මලක් සේ පිපේවි ජීවිතේ
ඉලන්දාරියෝ  ඔබේ ලග මා නිවේ
*අපේ ආදරේ කතාව මේ*

සියුමැලියක කෝල දෑනේ නැවතී ඉන්නා
දරදඬු හිත ආදරේක දැවටීලා
කලබල වෙන සෑම වේලේ හද පාරා
ඔය පපුවට ආදරේද තව ඕනා

කුමරූ මාගේ පැතුම් පිරූ හීනේ
හිතට භාවනාව වාගේ නුඹේ සෙනේ

වසන්තේ ගෙනවේ නාඹරී
අනන්තේ කියාවී ආදරේ
මලක් සේ පිපේවි ජීවිතේ
ඉලන්දාරියෝ ඔබේ ලග මා නිවේ
*අපේ ආදරේ කතාව මේ*

🎶🎶🎶🎶🎶

සම්මත අසම්මතයක් ප්‍රේමෙ නෑ ලෝකයෙ
හදින් පෙම් කෙරූ ඔවුන් යයි දුර ජීවිතේ 💖

නිමි ❣️

💃 නෙතූ...

අපේ ආදරේ කතාව මේ 💖 ( Completed )Where stories live. Discover now