Part 1

402 51 30
                                    

"කුකී..... !!!!"

ඒ හඬ ඇහෙනකොටම ජොන්කුක්ගෙ මූණට හිනාවක් ඇවිත් ඉවරයි.. ඒ තරම් ඒ හඬට ඒ හුරතල් නමට ජොන්කුක් ආස කලා...

"නූනා...!!!" ජොන්කුක් මග නැවතිලා කිව්වෙ ඒ හිනාවෙන්මයි... ඉයුජින් දුවගෙන ඇවිත් නැවතිලා ඉඳපු ජොන්කුක්ගෙ ඇගේ එල්ලුනත් ඇය වැටෙන්න තිබුණ ඉඩකඩ වැඩි නිසාම ජොන්කුක් ඉයුජින්ගෙ ඉණෙන් තද කරලා අල්ලගත්තා.

" ඔය ඉතින්... තව ටිකෙන් වැටෙනවනෙ.." ජොන්කුක් තරවටුවක ස්වාභාවයෙන් කිව්වත් ඉයුජින් කොක්හඬලා සිනාසුනෙ කිසිම ගානක් නැතුව වගේ..

" අයිගෝ... කියෝවෝ.. උරි කුකීයා.." ජොන්කුක්ගෙ පිරුණු කම්මුල් වලින් ඇදපු ඉයුජින් කිව්වෙ හිනාවෙනගමන්.. ඉයුජින්ට ඔරවපු ජොන්කුක්ගෙ මූණෙත් හිනාවක් ඇඳෙන්න වැඩ වෙලාවක් ගියේ නැහැ.

" මම එනකම් ඉන්න කියලා කිව්වා ඇහුනෙ නැද්ද?" ඉයුජින් ඇහුවෙ දෙන්නම කොලේජ් එකේ ගේට්ටුව ගාවට ඇවදගෙන යන අතරතුරයි..

" මට කිව්වා?? කොයිවෙලේද??" ජොන්කුක් ඇහුවෙ එයාගෙ බෝල ඇස් දෙක ලොකු කරගන්න ගමන්.

" උදේ.. සමහරවිට ඔයාට ඇහෙන්නෙ නැතුව ඇති." ඉයුජින් කියද්දි ජොන්කුක් ඒකට හූමිටි තිව්වා. ජොන්කුක්ට ඒක ඇහුනනම් කොයිම වෙලාවකවත් එයා  ඉයුජින්ව දාලා එන්නෙ නැහැ.

" මියන්නෙයෝ.. මම අද හවස ජිම් එකට යන එක ගැන හිත හිත හිටයෙ." ජොන්කුක්ගෙ හඬ තරමක් බාල උනා..

" ජිම්??... ව්වාහ්...!!! ඔයා ජිම් එකටත් යනවද?" ඉයුජින් අහද්දි ජොන්කුක්ගෙ කම්මුල් තරමක් රෝස පැහැයට හැරුනා.. ජොන්කුක් මොකුත් නොකියා හිටියා... එයාට ඕනි උනේ නැහැ එයා ජිම් යන්න හේතුව ඉයුජින් කියලා දැනගන්නවට.. ඇත්තටම ජොන්කුක්ට ඕනි උනා එයාගෙ නූනාව ආරක්ෂා කරන්න පුළුවන් තරමෙ ශක්තිමත් පිරිමි කෙනෙක් වෙන්න. එයාගෙ නූනාගෙ හිත දිනාගන්න විදියෙ පිරිමියෙක් වෙන්න... නූනාගෙ ආදරේ ලැබෙන ජාතියෙ පිරිමියෙක් වෙන්න..

ඔලුවත් කස කස හිනාවෙවි ගියපු ජොන්කුක්ගෙ මූණෙ හිනාව අතුරුදහන් වෙන්න වැඩි වෙලාවක් ගියේ නැහැ.

" කුකී... එයා...!!" ඉයුජින් එයාගෙ රතු උන කම්මුල් දෙක අල්ලගෙන උඩ පනිනකොටත් කොලේජ් එක ඉස්සරහ ගේට්ටුවෙන් ඇතුලට ආපු පිරිමි ළමයි දෙතුන්දෙනා ජොන්කුක් දැකලා අවසානයි.

Pure Love || KTH || JJK || Mini Series Where stories live. Discover now