Part 3

185 43 2
                                    

"කුකී....."

ගේට්ටුවෙන් එලියට එද්දිම ජොන්කුක්ගෙ ඇඟට පැනපු ඉයුජින් ඔහුගෙ සේද කොණ්ඩය අතින් හැඩි කරා...

" ආයිෂ්... නූනා... මගෙ කොණ්ඩෙ අතාරින්නකෝ..." නෝක්කාඩු ස්වරයෙන් කියපු ජොන්කුක් එහෙ මෙහෙ ගියපු ඔහුගේ කොණ්ඩය අතින් පිලිවෙලකට හදාගන්න උත්සාහ කලා.
ඉයුජින් මහ හඬින් හිනා උනා.. ඉයුජින්ගෙ හිනාවට ජොන්කුක්ගෙ මූණ  ඉබේටම එලිය උනා..

" දන්නවද... අපේ ඩිපාර්ට්මන්ට් එකෙන්  ලබන සතියෙ සෝල් යනවා කොලේජ් ෆෙස්ටිවල් එකට." ඉයුජින් දිලිසෙන ඇස් වලින් ජොන්කුක් දිහා බැලුවා..

" එහෙමද.... ෂෝයිනේ.." ජොන්කුක් කිව්වෙ පාර පුරා යන ඉයුජින්ව  ඔහුගෙ අනෙක්පසට අතින් ඇදලා අරගන්න ගමන්.

" දන්නවද.. එදාට ටේහ්යොන්ග් සම්බේත් එනවා.. මට හිතාගන්න බැහැ මම කොහොමද...................." ඉයුජින් කියපු දේවල් ඊට පස්සේ ජොන්කුක්ගෙ කනට ගියේ නැහැ. හූමිටි තියමින් කොලේජ් එකට එනකම් ආපු ජොන්කුක් එයාගෙ ආර්ට් ඩිපාර්ට්මන්ට් එක ලඟදි ඉයුජින්ගෙන් වෙන්වුනා. ඉයුජින් සතුටින් ඉපිලෙමින් තොර තොරතෝංචියක් නැතිව ටේහ්යොන්ග් ගැන කියවන එකට ජොන්කුක් කැමති උනේ නැහැ. ඒ වචන හදවතට හරි බරයි. ඒ අතර සමහර වචන තිබුණා හදවත පසාරු කරගෙන ගියපු.

ඉයුජින් මියුසික් ඩිපාර්ට්මන්ට් එකේ ජොන්කුක් ආර්ට් ඩිපාර්ට්මන්ට් එකේ. ඒ දෙන්නා අතර වසර දෙකක පරතරයක් තිබුණා.. ජොන්කුක් අකමැතිම දේ උනේ ටේහ්යොන්ග් වගේම එයාගෙ අයියලා ටිකත්  මියුසික් ඩිපාර්ට්මන්ට් එකේ ඉඳපු සීනියර්ලා උන එකයි. මේ නිසාම ඉයුජින්ට නිතරම ටේහ්යොන්ග්ව ඇහැ ගැටුනා.. මේවා හිත හිත තීන්ත බේරෙන පින්සල දැඩි විදියට කැන්වසය මත අරගෙන ගියපු ජොන්කුක් එයාගෙ හිතේ තිබුණු දුක කැන්වසයට කාවද්දන්න උත්සාහ කලා..

" උදේ පාන්දරම.. කැන්වස් එක ඔයාට කරපු වැරැද්ද මොකක්ද ගුකියෝ..." ජොන්කුක්ගෙ හොඳම යහලුවා ජිමින් ඇහුවේ ඒ තරම් ආවේගෙකින් ජොන්කුක් කැන්වස් එක මත සායම් තවරපු නිසා. පිලිතුරක් නැති තැන ජිමින් එයාගෙ තැනට ගිහින් බඩු ටික පිලවෙලට හදන්න පටන් ගත්තා..

"කොලේජ් ෆෙස්ටිවල් එකට අපිට යන්න බැරිද??" අවසානයේ හතිය මැදින් ජොන්කුක් අහද්දි ජිමින් උඩ බිම බැලුවෙ අහපු දේ එකපාරටම තේරුම් ගියේ නැති නිසා..

" ආහ්.. කොලේජ් ෆෙසටිවල්... අපිට යන්න වැඩක් නැහැනෙ.. අපි මුලදිම අපේ ආර්ට් ටික තරග වලට යැව්ව නිසා.." ජිමින්ට ජොන්කුක්ගෙ වෙනසක්  නොපෙනුනා නෙවෙයි. ඒත් ඔහු ඒ ගැන අහන්න ගියේ නැහැ. ඔලුව වනපු ජොන්කුක් ආපහු ආවේගයෙන් කැනවසය මත සායම් ආලේප කරන්න පටන් ගත්තා..
.
.
.
.
.
.
.

ඊලඟ සතිය ජොන්කුක්ගෙ හදවත ගිනි ගොඩක තිබුණා කිව්වොත් නිවැරදියි.. ඉයුජින්ගෙන් එකම එක කෝල් එකක්වත් ලැබුණෙ නැති නිසා ඒ ගින්න තව තවත් දළුදා වැඩුනා. නොසන්සුන්කම වැඩි නිසා ද මන්දා ජොන්කුක් කරන කියන දේවල් පවා වැරදුනා..

" ජොන්කුක්..... ඔයා හොඳින් ද? රෙස්ට් එකක් ඕනිනම් ගන්න.." බාස්කට් බෝල් ටීම් එකේ ලීඩර් ජොන්කුක් ලඟට ඇවිත් කිව්වෙ වෙනදට හොඳට සෙල්ලම් කරන කෙනාට අද මොකද වෙලා තියෙන්නේ වගේ බැල්මෙන්. මොකුත් නොකියා ඔලුව වනපු ජොන්කුක් පැවිලියන් එක පැත්තට ආවෙ හිතේ නොසතුටින්. ඉයුජින්ව එකම එක පාරක් හරි දකින්න තියෙනවනම් කියලා ඔහුට හිතුනා. මේ සතිය ඔහුට දැනුණේ කල්පයක් වගේ...

Pure Love || KTH || JJK || Mini Series Where stories live. Discover now