Part 2

237 44 39
                                    

කිම් පවුලෙ වැඩිමලා කිම් සොක්ජින්.. කිම් පවුලෙ මද්දුමයා කිම් නම්ජුන්.... කිම් පවුලෙ බඩපිස්සා.. ඒ වගේම කොලේජ් එකේ කෙල්ලොන්ගෙ සිහින කුමාරයා කිම් ටේහ්යොන්ග්... කිම් පවුල කොලේජ් එක පුරාම හරිම ප්‍රසිද්ධ පවුලක්.. සල්ලි.. බලය.. හැකියාව.. දක්ෂකම විතරක් නෙවෙයි රූපෙටත් ඒ විදයටම උරුමකම් කියපු උරුමක්කාරයො ටිකක්. ඒ අතරිනුත් ටේහ්යොන්ග් තවත් විශේෂ උනා.. හැමෝගෙම හිත් වසඟ කරපු කොටු හැඩේ හිනාවක් තිබුණු.. තියුණු ඒ වගේම සරාගී ඇස් දෙකක් තිබුණු ඔහු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කඩවසම් කියලා පිලිගන්න ජොන්කුක් මැලි උනේ නැහැ. ටේහ්යොන්ග්ගෙ කඩවසම් බවෙන් ජොන්කුක්ට වැඩක් තිබුණෙත් නැහැ. ඒත් ඒ කඩවසම් හාදයා තමන් පුංචි කාලේ ඉඳන් ආදරේ කරන නූනාගෙ ෆොරෙවර් ක්‍රෂ් එක උන එකනම් ජොන්කුක්ට ලොකු ප්‍රශ්නයක් උනා..

හදවතට දැනුණ දුක දරාගෙන ජොන්කුක් එහෙමම ඉයුජින්
ලඟ නැවතුනා. ටේහ්යොන්ග් දකිනකොට ඉයුජින්ගෙ ඇස් ලස්සනට දිලිසෙන හැටි ජොන්කුක් බලාගෙන හිටියෙ කියාගන්න බැරි තරම් දුකෙන්.

ටේහ්යොන්ග්ගෙ එකම එක බැල්මක් අපේක්ෂාවෙන් නොඉවසිල්ලෙන් ඉඳපු ඉයුජින්ව සත පහකටවත් ගනන් නොගෙන එතනින් ගියපු ටේහ්යොන්ග් දිහා ජොන්කුක් ඔරවගෙන බලාගෙන හිටියා.. මේ කිසිම දෙයක් නොදැකපු ටේහ්යොන්ග් එයාගෙ අතේ තිබුණු ලොලිපොප් එකේ කවරය කඩලා දාලා ඒක කටේ රුවාගෙන කෙල්ලන්ව පිස්සු වට්ටන තරමෙ හිනාවකින් මූණ සරසගෙන තමන්ගෙ අයියලා දෙන්නත් එක්ක බර කතාවකට එකතු උනා...

" කුකී....." ඉයුජින්ගෙ බැගෑපත් හඬ ඇහුනත් ජොන්කුක් හිටියෙ පරණ නෝක්කාඩුවෙන්මයි..

" මොකෝ..." බුම්මගෙන ඉයුජින් දිහා බැලුවත් ජොන්කුක් ඒ ක්ෂණයකින් මූණ වෙනස් කරගත්තෙ ඉයුජින්ගෙ පිරුණු මූණ දුකෙන් පිරිලා තියෙනවා දකිද්දියි...

" අර... අර ලොලිපොප් එකේ කවරේ මට ඕනි..." ඉයුජින් කිව්වෙ ග්‍රවුන්ඩ් එකයි පාරෙයි අතර මැද තියෙන වැටෙන් එහාට වැටිලා තිබුණු ලොලිපොප් කවරය අතින් පෙන්නන ගමන්..

ජොන්කුක්ට ඉබේටම බර හුස්මක් හෙලුනා... තරහ ගන්නද දුක හිතන්නද කියලා ඔහුට හිතාගන්න බැහැ. ඒත් එයාගෙ නූනා වෙනුවෙන් එයා නොකරන දෙයක් නැහැ කියලා ජොන්කුක් දැනගෙන හිටියා.

Pure Love || KTH || JJK || Mini Series Where stories live. Discover now