Part 11

177 43 2
                                    

" ඒයි පොඩි එකෝ...!!"

සුදු පැහැති ඩේසි සහ රෝස මල්වලින් පිරුනු එලිමහන්  විවාහ උත්සව සැරසිලි දිහා බලාගෙන ඉඳපු ජොන්කුක් හැරිලා බැලුවේ ඒ හඬටයි. ටේහ්යොන්ග් පැමිණ ජොන්කුක් සිටි බැල්කනි එකේ වැටට බර උනා..

" ගොඩක් වෙලාද ඇවිත්..?" ටේහ්යොන්ග් අහද්දි නැහැ කියන්න ජොන්කුක් ඔලුව වැනුවා.

" නැහැ හ්යොන්ග්.. වැඩි වෙලාවක් නැහැ.." ජොන්කුක් කිව්වෙ ආපහු තමන්ට පහලින් පේන මනරම් උද්‍යානය දෙස දෑස් යොමු කරමින්.

" ඉයුජින්ව හම්බවෙන්න ගියාද??" ටේහ්යොන්ග් ඇහුවේ ජොන්කුක්ගෙ ඇස් දිහා බලනගමන්.. ඒ ඇස් දුකෙන් බර වෙනවා ඔහු දැක්කා.

" තාම නැහැ. " කෙටි උත්තරයක් දුන්න ජොන්කුක් බර සුසුමක් හෙලුවා..

" මම දන්නවා ඔයා හිතන දේ.. එයාව දැක්කොත් අතාරින්න ලෝබ හිතෙයි කියලා හිතුනද?" ටේහ්යොන්ග්ගෙ වචන වලට ජොන්කුක් ගැස්සිලා ගියා..

" හ්යොන්ග්?." ජොන්කුක්ගෙ විසල් උන ඇස් දිහා බලපු ටේහ්යොන්ග් හිනා උනා..

" මම ඒක දැනගෙන හිටියා ජොන්කුක්.. ඇත්තටම කිව්වොත් ඔයා මට ගහපු දවසෙමයි මම ඒක දැනගත්තෙ.. ඊට පස්සෙත් මට ගොඩක් අවස්ථාවල ඒක දැනුනා.. ඔයා ඉයුජින්ට කැමැත්තෙන් හිටියා කියලා මට දැනුනා.." ටේහ්යොන්ග් කියද්දි ජොන්කුක් නිරුත්තරව බලාගෙන හිටියා.

" මට එයාව ඔයාට දෙන්න පුළුවන් අවස්ථාවක් ආවොත් මම ඒක නොකර ඉන්නෙ නැහැ ජොන්කුක්.. ඒත් දැන්.. දැන්නම් මට ආපහු හැරෙන්න බැහැ.." ටේහ්යොන්ග් කියද්දි ජොන්කුක් බිම බලාගත්තා..

" මියන්නෙයෝ හ්යොන්ග් නිම්.." ජොන්කුක්ගෙ හඬේ තිබුණෙ වරදකාරී බවක්.

" අපි මිනිස්සු ජොන්කුක්.. හැඟීම් දැනීම් තියෙන මිනිස්සු.. ඉතින් සමාව ගන්න ඕනි දෙයක් නෙවෙයි ඒක.." ටේහ්යොන්ග් කිව්වෙ ජොන්කුක්ගෙ උරහිසට හිමින් තට්ටු කරනගමන්.

" නූනාව.. නූනාව මම ටික ටික අමතක කරනවා.. කොහොමත් නූනා මට ආදරේ කරන්නෙ නැහැ හ්යොන්ග්. ඒ නිසා මට ඒක කරන්න පුළුවන්.." ජොන්කුක් හිනාවෙලා කිව්වත් ඒ ඇස්වල දුක ටේහ්යොන්ග්ට පෙනුනා. ටේහ්යොන්ග් කිසිම දෙයක් නොකියා ජොන්කුක්ව උණුසුම් විදියට වැළඳ ගත්තා.

ජොන්කුක්ට මේ වෙලාවේ කෑ ගහලා අඬන්න ඕනි උනත් ඔහු ඒ හැඟීම ආයාසයෙන් යටපත් කරගත්තා. හදවතේ හිරවෙලා තියෙන ඊයම් බරුව ඇදලා දාන්න පුළුවන් උනානම් මේ දුක මොහොතකට හෝ තුනී කරගන්න ඔහුට පුළුවන්කමක් තිබුණා..

ජොන්කුක් හිතුවෙ ඔහු ඉයුජින්ව දැනටමත් හදවතින් ඈත් කරලා අවසානයි කියලා. ඒත් සිනහමුසු මුහුණින් මල් පාර දිගේ අල්තාරය වෙත යන ඉයුජින් දැක්කම ඔහු මොනතරම් හිත රවට්ටගෙනද කියලා ජොන්කුක්ට හිතුනා. තාමත් ඔහු ඉයුජින්ව හදවතින් අල්ලාගෙන හිටියා... ඔහුට ඉයුජින්ට යන්න දෙන්න ඕනි උනත් හදවත හරි දරුණු විදියට ද්‍රෝහී උනා.

දවස අවසානයෙ තරමක් මත්වී සිටි ජොන්කුක් ටේහ්යොන්ග් සහ ඉයුජින්ට සමුදෙන්න ගියා. අවට සිටි සෙනඟ අතරින් ඉදිරියට ඇදිලා ගියපු ජොන්කුක් ඉයුජින් ලඟ නැවතුනා. වටපිටේ ඉඳපු හැමෝටම අත වනමින් ඉඳපු ඉයුජින් ජොන්කුක් දැක්කම හරි ලස්සනට හිනා උනා..

" කුකී.." ඒ වචනය ඇහෙද්දිම ජොන්කුක්ගෙ ඇස්වලට කඳුළු ඉනුවා. සමහරවිට එයා මේ නම ඉයුජින්ගෙ හඬින් අහන අන්තිම වතාව වෙන්න පුළුවන්. කිසිම වචනයක් නොකිව්ව ජොන්කුක් එකපාරටම ඉයුජින්ව තදින් වැළඳ ගත්තා. ටේහ්යොන්ග් මේ සිද්ධිය දැක්කත් ඔහුට ඒකට එරෙහි වෙන්න ඕනි උනේ නැහැ. ජොන්කුක් මොනතරම් දුකකින් ඉන්නවද කියලා ඔහුට තේරුනා.

" ඔයා.. ඔයා කවදාවත් මගෙ ඇස් දිහා බලාගෙන කතා කරලා නැහැ නූනා.. එහෙම උනානම්.. එහෙම උනානම්.. අද ඔයා එක්ක ඔතන ඉන්නෙ වෙන කවුරුවත් නෙවෙයි.. මම... අවාසනාවට ඔයාට මගෙ ඇස් කියවන්න බැරි උනා.. සතුටින් ඉන්න නූනා.. මම ඔයාව කොහොමහරි අමතක කරනවා.. කොහොමහරි.. මම ඒක කරනවා.. මම පොරොන්දු වෙනවා ඒක කරනවා කියලා.." මත් උන හඬින් ජොන්කුක් එක දිගටම ඉයුජින්ගෙ කනට කෙඳිරුවා.. ඒ හැම වචනයක්ම හරිම දුක්බරයි කියලා ඉයුජින්ට තේරුනා. ජොන්කුක් ඒ විදියෙ දෙයක් කිව්වෙ ඇයි කියලා හිතන්න ඉයුජින්ට හිතේ නිදහසක් තිබුණෙ නැහැ.

ඉයුජින්ගෙන් ඈත් උන ජොන්කුක් ඊලඟට ගියේ ටේහ්යොන්ග් ලඟට.. කිසිම වචන හුවමාරුවක් උනේ නැතත් ඒ වැළඳගැනීම තුල දාහක් වචන කියවුනා..

ටේහ්යොන්ග් ඉයුජින් රැගත් වාහනය ඈතට නොපෙනී යනකම් බලාගෙන ඉඳපු ජොන්කුක් හිස්වූ මනසින් පාරදිගේ ඇවිදන් ගියා..

Pure Love || KTH || JJK || Mini Series Where stories live. Discover now