Part 8

153 40 1
                                    

කොලේජ් කැෆිටේරියා එකටවෙලා තමන්ගේ මිතුරන් එක්ක බර කතාවක ඉඳපු ටේහ්යොන්ග් ඔහුගේ මූණෙ පසකට වැදුන දැඩි පහරක් නිසා  එකපාරටම බිමට විසිවෙලා ගියා. එකපාරටම සිද්ධ උන දෙයින් කම්පනයට පත් වෙච්ච ටේහ්යොන්ග් ඇස් ලොකු කරලා තමන්ගේ ඉස්සරහා බැලුවා. එතන හිටියෙ තමන්ට වඩා වයසින් බාලයි කියලා හිතන්න පුළුවන් තරමෙ පරිමි ළමයෙක්. ඒත් ඔහු ඒ වෙලාවෙ හිටියේ ගොඩක් තරහින් කියලා ඔහුගෙ මූණ විශේෂයෙන්ම ඇස් දිහා බැලුවම ටේහ්යොන්ග්ට හිතාගන්න පුළුවන් උනා.

ටේහ්යොන්ග් කතා කරන්නත් කලින් ආපහු බිම ඉඳපු ටේහ්යොන්ග්ගෙ ඇඟට පැනපු ජොන්කුක් තවත් පහරක් ඔහුගෙ මූණට එල්ල කරන්න හැදුවත් ටේහ්යොන්ග් එය සාර්ථකව වලක්වන්න සමත් උනා.. එතන  ඉදපු හැමෝගෙම අවධානය මේ වෙලාවේ ටේහ්යොන්ග්ටයි ජොන්කුක්ටයි යොමු වෙලා තිබුණා. හැමෝගෙම කසුකුසුව අස්සේ ටේහ්යොන්ග් උත්සාහ කරේ ජොන්කුක්ගෙ දැඩි ග්‍රහණයෙන් මිදෙන්නයි. අවසානයේ ටේහ්යොන්ග්ගෙ මිතුරන් තරහෙන් දත්මිටි කමින් සිටි ජොන්කුක්ව ඔහුගෙන් මුදවගෙන පසෙකට කලා.

" යාහ් පොඩි එකෝ...!!!!!" ටේහ්යොන්ග් කිව්වෙ රිදුම් දෙන කම්මුල අතින් පිරිමදිනගමන්.

" තමුසෙ... තමුසෙ කොහොමද එහෙම දෙයක් කලේ නූනාට??" ජොන්කුක් හයියෙන් කෑගහලා අහද්දි වටේ පිටේ හැමෝම නිශ්ශබ්ද උනා. ටේහ්යොන්ග් මේ කිසිම දෙයක් තේරුම් ගන්න බැරුව ජොන්කුක් දිහා බලාගෙන හිටියා.

" මොකක්??" ටේහ්යොන්ග් එහෙම කියද්දිම වගේ එතනට දුවගෙන ආපු  ඉයුජින් ටේහ්යොන්ග් දිහා බැගෑපත් බැල්මක් හෙලලා ජොන්කුක්ගෙ අතින් ඇදගෙන එතනින් යන්න ගියා.. යන්න කලින්  ඉයුජින් එතන ඉඳපු හැමෝගෙන්ම සමාව ගන්නත් අමතක කලේ නැහැ.

.
.
.
.
.
.
.

" යාහ්... පිස්සු හැදිලාද??!!!?" කැෆිටේරියා එකෙන් එලියට ආපු ඉයුජින් ජොන්කුක්ට කෑගැහුවා.

" ඇයි සම්බේට ගහන්න ගියේ..." ඉයුජින් ආපහු අහද්දි ජොන්කුක් ඉයුජින් දිහා බැලුවෙ පුදුමෙන්.

" ඇයි දැන් කිව්වෙ එයාට වෙන කෙල්ලෙක් ඉන්නවා කියලා... " ජොන්කුක් කියද්දි ඉයුජින් එයාගෙ අතින් නලලට ගහගත්තා..

" ආයිෂ්.. පාබො... ඒ එයාගෙ දොන්ග්සෙන්... මම වැරදියට හිතාගෙන ඉඳලා තියෙන්නේ.. ඊයෙ රෑම අපි දෙන්නා ඒ ප්‍රශ්ණෙ කතාබහ කරලා විසඳගත්තා කුකී..." ඉයුජින් කියද්දි ජොන්කුක්ට කවදාවත් දැනිලා නැති තරමෙ ලැජ්ජාවක් දැනුනා. දැන් කොහොමද එයා කොලේජ් එකේ ළමයිට මූණ දෙන්නෙ..

" අයිගෝ... නූනාට එච්චර ආදරේද.. චන්ඩියා වගේ ගිහින් ගහන්න තරම්.." ඉයුජින් හිනාවෙලා කියද්දි ජොන්කුක් බුම්මගෙන ඉයුජින් දිහා බැලුවා.

" කලින් කියන්න එපැයි.. මම නිකම් නොන්ඩි උනා.." කටත් උල් කරගෙන ජොන්කුක් ඉයුජින්ට බනිද්දි ඉයුජින් ජොන්කුක්ගෙ පිරුණු කම්මුල් වලින් ඇද්දා..

" අයිගෝ... කියෝවෝ.. මම සම්බේට කියන්නම් ඔයාට වැරදීමක් උනේ කියලා.." ඉයුජින් එහෙම කිව්වත් ජොන්කුක්ට දැනුන ලැජ්ජාවෙ අඩුවක් උනේ නැහැ.

Pure Love || KTH || JJK || Mini Series Where stories live. Discover now