25

1.1K 167 16
                                    

රාත්‍රී ආහාරයෙන් පසු සතිශ් මුළුතැන්ගේ පිරිසිදු කර, පිරිසිදු වී කාමරය දෙසට ගියේ ය.. රශ් ඔහුට පසු සතිශ්ගේ කාමරයට ගියේ ය. සතිශ් මද වෙලාවක් ගත කර අශේන්ගේ කාමරේ දොර හිමින් විවර කරමින් එතුලට ගියේ ය. අශේන්ගේ කාමරේ අනෙක් පස වූ දොර විවර වී තිබුනෙන් අශේන් එහි වග සතිශ් වටහා ගත්තේ ය. ඇද සකසා ඔහු එහි ඇල වුණි. නමුත් ඔහු ලගට නින්ද පැමිණියේ නැත.. සවස් වරුවේ සිදුවූ දෙයත් එක්ක ඔහු එය කල්පනා කලේ ය. අශේන් පසු දින කිහිපයේම කොතරම් මහන්සි වී පැමිණියත් අවම වශයෙන් සිනාවක් හෝ ඔහුට සංග්‍රහ කලේ ය. නමුත් අද එය වෙනස් වී තිබුණි.. ටික වෙලාවකින් කාර්යාල කාමරයෙන් අශේන් පිටතට පැමිණියේ ය.සංවේදනය නිසා සතිශ් එදෙස හැරී බැලුවේ ය. අශේන්ව දැක සිනාවක් පා කලේ ය. නමුත් අශේන් ඔහුට රවා ගොස් සොෆාවෙන් වාඩි වුණි.

"අශේන්, දැන්ම නිදා ගන්නේ නැද්ද?" සතිශ් ඇදේ කෙලින් වෙමින් ඇහුවේ ය.

"නන් ඔෆ් යුවර් බිස්නස්...!!!"

"කියන්නකෝ.. ඉන්න ඇය් ඔතන නිදා ගන්නේ? ඇදට එන්නකෝ.."අශේන් සොෆාවේ ඇල වෙන බව දැක සතිශ් ඇහුවේ ය. කෝපයෙන් මුණ ඇද කල අශේන් පිළිතුරු දුන්නේ ය.

"ඔය හැකර කට වහන් ඉන්නවද? තමුන් හරි කරදරයක්!"

"එත්.. මොකද්ද වෙලා තියෙන්නේ? ඇය් ඔයා ඔහොම හැසිරෙන්නේ?"සතිශ් ඇදේ ඉද ගෙන ඇහුවේ ය. සොෆාවෙ ඉද ගත් අශේන් කතා කලේ ය.

"මට ඕන විදිහට මම හැසිරෙන්නේ!!ඇය් ප්‍රශ්නයක්ද?"

"අශේන්, ඔයාට... මොකද වෙලා තියෙන්නේ? මොකද්ද ප්‍රශ්-"

"ප්‍රශ්නේ..? ප්‍රශ්නේ තමා තමුන්!!මේ හැමදේකටම මුල තමුන් සතිශ්!!!" අශේන් සොෆාවෙන් නැගිට කෑගැහුවේ ය.
සතිශ් ඔහු දෙස පුදුමෙන් බලා සිටියේ ය.

"ම-මන්..? මන් මොකද්ද කලේ?"

"තමුන්...!!මගේ ජිවිතේ උන හැමදේකටම තමුන් වග කියන්න ඕන සතිශ්!!මට තමුන්ව එපා වෙලා ඉන්නේ..!"අශේන් කිවේ ය.

"අ-අශේන්..."

"මන්.. මන් තමුන්ව මැරී කරපු දවසේ ඉදන් මට උනේ තිබ්බ කරදර වැඩි වුණ එක විතරයි!!හහ්.. ඔයා කොහොමද දන්නේ? ඔයා වෙන එවුන් එක්ක උකුළු මුකුළු පපා ඉද්දි!!චිහ්..!"

Do I Love Him..? ( Comepleted )✔️✔️Where stories live. Discover now