<<Let me help you>>

232 72 21
                                    


..

..

...




සීන්ගේ ඒ වචන ටික ඇහෙනවත් එක්කම යීබෝ ඇදෙන් පැනලා ඇවිත් ජනේලේ ලගට ආවා..කාමරේ දොර හැමවෙලාවකම අගුලු දාල තිබ්බ නිසාම නිදහසේ හුස්මවත්  ගන්න හිතන් යීබෝ කවදාවත් ජනේලේ වැහුවේ නෑ..ලොකුවට නැති උනත් ටිකක් තදට වැහැපු වැස්ස නිසා හිරිකඩ ඇවිත් මූනේ වැදෙද්දි යීබෝ ගානක් නැතුව අහස දිහා බලන් හිටියා..ඉර එලිය  පවා කලු වලාකුළු අස්සෙන් ඇවිත් මූනට වැටෙනකොට යීබෝ ඇස් ලොකු කරන් අහසේ එක කෙලින් පායලා තිබුනු දේදුනු පහ දිහා බලන් හිටියා..දේදුනු පහක් එකපාර එක තැනකට පායනවා කියන එක වෙන්න බැරි දෙයක්..ඒක ආශ්චර්‍යක්..නිකම් මැජික් එකක් වගේ..සුරංගනා කතාවල රාජ කුමාරයා කුමාරිකාවව විවාහා කරගන්නකොට මැවෙනවා වගේ අදහා ගන්න බැරි දර්ශ්නයක් ඇස් ඉස්සරහ තියෙද්දි යීබෝටත් නොදැනී එයාගේ කට ඇරුනා..

..ක්..කොහොමද මෙහෙම දෙයක් වෙන්නේ..

..ඇයි දන්නෙ නැද්ද..
අවුවයි වැස්සයි
නරියගේ මගුලයි
දේදුන්නක් පායන්නේ....හ්..ශකබුම්ම්..

..ආ..ශ් පිස්සා..මන් දන්නවා..මං අහන්නේ කොහොමද මේ විදිහට එකපාර දෙදුනු පහක් පායන්නේ..

..මං ඔයාට කිව්වනේ ඉතින් පහ කියන්නේ විශේශ ඉලක්කමක් කියලා...ඒකයි මේ..ඔයාට ලැබිලා තියෙන්නේ කාටවත්ම ලැබෙන්නෙ නැති අවස්තාවක් බ්‍රෝ..

  යීබෝ ලොකු හුස්මක් පහල දාලා ජනේල් පඩියට පිට දීලා අත් බැදන් සීන් දිහා බැලුවා...සීන් නම් පුරුදු විදිහට දත් සේරම එලියේ දාන් හිනා උනත් යීබෝ හිස් බැල්මකින් එයා දිහා බලන් හිටියා.
හොදට හිටියනේ මේ කොල්ලා එකපාරටම මොකක්ද උනේ..

..ඇයි මාවම..නෑ මං අහන්නේ අංක පහ ගැන නෙවේ..ඔයා මොනා කිව්වත් මගෙ වයසෙ මගෙ දිනේ ඉපදුනු අය ඕන තරම් ඉන්නවා..ඒ වගේ අසරන පිහිටක් ඕන කෙනෙක් ලගට නොයා ඇයි ඔයා මේ වගේ හැම සැප සම්පතක්ම තියෙන මං ගාවට ආවේ..

..හැම සැප සම්පතක්ම තිබ්බට ඔයාට හිතේ සැනසීම තියෙනවද යීබෝ..

ඒ වචනත් එක්ක යීබෝගෙ ඇස් ගැස්සිලා ගියා..ඔව්..අතට පයට හැමදේම ලැබුනත් එයාට හිතේ සැනසීම ලැබෙනවා කියලද..

🌈️AS YOUR WILL🌈️( Yizhan Short Ff ✔ )Where stories live. Discover now