<< SPECIAL CHAPTER 01 >>

239 70 29
                                    

..

..

..

  ..සී..න්...

..ඕ..

..සීන් මෙහෙ බලනවකෝ මගෙ හොර දූතයෝ...

..බ්වෑ..හ්..



    වැස්සත් වැහැලා ඉවරයි..ඒ වගේම දේදුන්නත් පායලා ආයේ කාලෙකට නොඑන්නම ගිහින් ඉවරයි..ඒත් මට..මට හම්බෙලා තිබුනා වැස්සත් එක්කම හැංගිලා යන ඉර එලිය වගේ නැතුව හෙන හෙන පිට හෙන ගැහුවත් මාත් එක්ක ඉන්න පුළුවන් සුරදූතයෙක් ... මගෙ ප්‍රාර්තනාව නිසාම දැන් එයා සුරදූතයෙක් නම් නෙවේ මනුස්සයෙක් ..ඒත් එයා හැමදාම මගෙ ලෝකෙට සුරදූතයෙක් ...එයාට පුළුවන් උනා එක තප්පරේකින් මං විදපු හැම දුකක්ම නැතිකරලා දාන්න..මායා බලයක් තිබුනා හෝ නැතා එයාගේ එක වචනයක් උනත් හොදටම ඇති උනා මාව සනසන්න...කිසිම රසයක් නොවුණු මගෙ ලෝකෙ පාට ගොඩකින් නාවන්න ආව මායාවක් එයා...මූනේ හිනාවක් විතරක් ම තියෙන,මොන දේ උනත් අතාරින්නේ නෑ කියලා ලගින් ඉන්න හිතම නිවන්න පුළුවන් මායාවක් එයා..ඕ..හෝ..පොඩ්ඩක් ඉන්න..මං කිව්වේ හිත නිවන කියලද..ම්හුක්..නෑ..නෑ ඒක නම් එතනට ගැලපෙන්නෙ නෑ..මගෙ හොරදූතයා ගැන නම් මට ඕනම දෙයක් කියන්න පුළුවන් ..ඒත් මේ හිත නිවන කතාව..ආ..හ්...මන්නේ දන්නේ ඒකගේ හිත නිවිල්ල...මේකා හිත නිවනවා නෙවේ වෙලාවකට මගෙ තියෙන ලේ ටිකත් පුච්ච්ලා දානවා..මොනා කරන්නද ඉතින් සුරලෝකේ මුල් ලමාවිය සංවර්ධනය කරන්න මොට්ටසෝරි තිබිලා නෑනේ...

..සී..න් ඕක නතර කරනවා කොල්ලෝ..මගෙ ඔලුවත් එක්ක කැරකෙනවා දැන්..

..බ්..බෑ...හ්...

  මේකා කියන දෙයක් අහන්නෙම නෑ..මගෙ ස්ටඩි ටේබල් එක ගාව තිබ්බ පුටුවේ නැගන් දැන් මේ පැයක විතර ඉදන් කැරකෙනවා...ඒකත් ඉදගෙන නෙවේ ඔලුව තියන්න ඕන ඇන්දට කකුල් දෙක දාලා කකුල් තියන්න ඕන තැනට මේකා ඔලුව හරවන් ඉන්නේ..අත් දෙකත් පොළොවේ ගෑවෙනවා..කකුල් දෙක පුටු ඇන්දෙන් පහලට එල්ලෙනවා..මොලේට ලේ බැහැලද මන්දා කකුලෙන් බිත්තියට ගහන ගමන් අර පුටුවේ කැරකෙනවා..යකූ මේකට කැරකිල්ල නැති හැටි..බලන් හිටපු මටම ඔක්කාරෙට වගේ...ඉන්න හැටි කිසිම ලැජ්ජාවක් නැතුව..ඇදන් ඉන්න මගෙ කලිසම් කොටේ පහලට රෝල් වෙලා හොදටම අර යෝගට් පාට කකුල් දෙක පේනවා..ඒ මදිවට ඉනත් පේන තරමට බැගි ශර්ට් එක ඉස්සිලා..මං ඉන්න හින්දා හොදයි ඉතින් වෙන එකෙක් නම් මෙලහකටත් මොනා හරි කරලා...

🌈️AS YOUR WILL🌈️( Yizhan Short Ff ✔ )Where stories live. Discover now