<<I will show you>>

217 69 14
                                    






      පිට පෙනුමෙන් මනුස්සයෙක්ව මනින්න බෑ කියන කතාව බොරුවක් නෙවේ සම්පූර්ණ ඇත්තක්...පලවෙනි පාර දකිනකොට යීබෝ ගිරිය පුප්පන් කෑ ගහන කට වාචාල කොල්ලෙක් වගේ පෙනුනත් ඒත් ඇත්තටම එයා එහෙමද..ඒක එයා තමන්ගේ දුර්වලකම් වහගන්න මවාගත්ත තවත් එක පෞර්ශයක් විතරයි ..යීබෝ ඇතුලාන්තයෙන් ඇත්තටම හුගක් අහින්සකයි..එයා පොඩි කාලේ ඉදන්ම හෙව්වේ ආදරයක්..රැකවරණයක්...තුරුලු වෙලා ඉදන් ඕනම දුකක් කියන්න පුළුවන් පපුවක් එයාට ඕන උනා..අඩුම තරමින් ඔලුව තියන් සැනසෙන්න උරහිසක්වත්...ඒ මුකුත්ම එයාට නොලැබෙනකොට එයා තමන්ගේ අඩුපාඩු වහගන්න නපුරු කෙනෙක් වෙන්න හැදුවා..අමාරුවෙන් හරි නාඳුනන අය ළඟ හැගීම් හංගගන්න දැගලුවා...ඒත් එයා තාමත් හිත ඇතුලෙන් දුර්වලයි..ආදරේ හොයන..ආදරේ දෙයි කියලා බලාපොරොත්තු වෙන මිනිස්සු ඉස්සරහ එයා වචනයක්වත් කියාගන්න බැරි තරමට අසරණයි..නෑ ඒක අසරනකම නෙවේ..ඒක එයාගේ තියෙන අහින්සකකම..යීබෝ බලාපොරොත්තු වෙනවා මොන තරම් රිද්දුවත් ඊලග මොහොතේ එයාලා තමන්ට ආදරේ කරයි කියලා..දවසක එයාලා අනිවාර්යයෙන් ම උනු හැමදේම අමතක කරලා ආදරෙන් කතා කරයි ලගට ගනියි කියලා එයා හිත ඇතුලේ අහින්සක බලාපොරොත්තුවක් තියන් හැමදේම ඉවසන් බලන් ඉන්නවා..ආදරේ හොයන ඒ පවුලේ අයම තව පැය ගානකින් තමන්ව මරලා දාන්න හදනවා කියලා නොදැනම එයා ඒ අහින්සක සිතුවිල්ලෙන් බලන් ඉන්නවා...

( ඇයි මේ කෙල්ල යීබෝටම දුක දෙන්නේ 🤔🤔)



   මේසේ උඩ දනිස්වලින් නැවිලා හිටිය සීන් යීබෝගේ කදුලු වැල් ගලන් යන මූන දිහාම බලන් හිටියා..පලවෙනි පාරට දකිද්දි සීන් දැක්ක ආඩම්බර බැල්ම තවත් ඒ ඇස්වල තිබ්බේ නෑ..ඒ වෙනුවට එයාගේ ඇස්වල ලොකු අසරනකමක් තිබුනා...

..ඔයා මුකුත්ම කියන්න ඕන නෑ යීබෝ..අපි මේ දැන්ම පාර්තනාව කරන්න ඕන..ඔයා මේ විදිහට කාගෙන්වත් ලැජ්ජ වෙන්න ඕන කෙනෙක් නෙවේ..ඔයා දැන්ම ප්‍රාර්තනාවක් තෝරගන්න ඕන..

  සීන් ඇදුම පිටිපස්සෙ ගහලා තිබුනු පොත එලියට ඇදන් පිටු පෙරලන්න ගත්තා...

🌈️AS YOUR WILL🌈️( Yizhan Short Ff ✔ )Where stories live. Discover now