<<His will or My will>>

232 71 19
                                    




..මොනාද මට කරන්න කියන්නේ..

  සීන් දික් කරපු පොත දිහා අත් දෙක බැදන් බලන් ඉන්න ගමන් යීබෝ ඇහුවා..දෙයක් දුන්නාම ඒක ගන්න ඕන කියලා අහල නැද්ද කොල්ලෝ..ඒකත් ඔය වගේ ඇත්තම සුරදූතයෙක් දෙනකොට ගන්නෙ නැතුව බලන් ඉන්න තරම් මේ කොල්ලා මෝඩද..

..ඕක ගන්න අනේ..අරගෙන ඔයා දුකින් ඉන්න.හේතු ටික මට ලියලා දෙන්න..අපි දෙන්න..මං ඒක දිහා බලලා හොදම හේතුව අරන් ඒකට විසඳුම කියන්නම්..ඒක ඔයාට ඔයාගේ පාර්තනාව විදිහට කියන්න..

..කොහොමද  ..

..ඇයි අනේ මේන් මෙහෙම..ඔයා කියන්න ඕන..

     Twinkle Twinkle
             Little star
     Anything happening
           As my will..

ඊට පස්සේ ඔයා ප්‍රාර්තනාව කියන්න ඕන...මං කලා වගේ හිතෙන් හිතන්න යන්න එපා..ඔයා කෙලින්ම ඇහෙන්නම කියන්න ඕන..

  ලොකු හුස්මක් ඇදපු යීබෝ ඇස් දෙකත් කරකවලා ඕනාවට එපාවට පොත අතට ගත්තා..ඕකගේ ඔය බොරු සෝබනේ..හිතේ කැමැත්තක් තියෙන පාර්තනාවක් ඉල්ලන්න..ඒ උනාට ඒක් පෙන්නන්නේ නෑ..හුහ්..හිතේ ඇති පෙන්නුවේ නෑ කියලා සීන්ට සිතුවිලි අදුනගන්න බෑ කියලා..එයා දන්නවා පාර්තනාව ඕන කියලා..නැත්නම් මෙතන හිනා වෙවී බලන් ඉනනේ නෑනේ..හුම්..

..මට ලියන්න බෑ..

..ආ..හ්..

..මට ලියන්න බෑ මගෙ හිතේ තියෙන දේවල්..මං කැමති නෑ කාටවත් ඒවා කියන්න..ඒක මට ලොකු අපහසුතාවක්..

   යීබෝ විනාඩි ගානක් පොත දිහා බලන් ඉදලා අන්තිමට බෑ කියන ගමන් පොත වැහුවත් සීන් තාමත් කලින් හිනාවෙන්ම බලන් හිටියා..ඔව් එයාට තේරෙන්න ඇති ඒක..මනුස්සයෙක්ට තමන්ගේ ජීවිතේ අඳුරු පැත්ත මතක් කරන එක කරන්න අමාරු දෙයක්..ඒ හංගන් ඉන්න
වේදනාව ආයෙම පෑරිලා උඩට ආවම සමහර විට මේ වතාවේ හදාගන්න බැරි තරමට හිත කැඩිලා යනවා..වචනයක්වත් නොකියාම ඒක සීන්ට තේරුම් යද්දි එයා ආයෙම පොත ඇදලා අර ගත්තා..

..ඔයාට මතක් කරන්න අමාරු නම් මං මුල ඉදන් ලියාගෙන යන්නද..

..හ්ම්..හැබැයි මට ඇහෙන්න කියවන්න එපා..ඕන නම් ඔයා හොදයි කියලා හිතෙන ප්‍රාර්තනාව විතරක් මට කියන්න..

🌈️AS YOUR WILL🌈️( Yizhan Short Ff ✔ )Where stories live. Discover now