🤍🤍RAVENGE LOVE 16🤍🤍

899 192 45
                                    

ඔහ් ශිට් කොහොමද එහෙම වෙන්නේ.

ජන්ග්කුක් පොන් එක පොලේ ගහලා කෑ ගහද්දි යුන්ගි වාගේම නම්ජුන් හිටියේ ජන්ග්කුක් ඉදිරියේ බිම බලාගෙන

මට උත්තර දෙන්න හියොන් ඩ්‍රක්ස් කන්ටෙනර් ටිකට මොකක්ද උනේ කියලා මට පැහැදිලිව කියන්න පුළුවන්ද

ජන්ග්කුක් කේන්තියෙන් නම්ජුන් ලගට ඇවිත් අහනද්දි නම්ජුන් බිම බලාගෙනම උත්තර දුන්නේ ජන්ග්කුක් දිහා බලන්නවත් හයියක් නැති නිසා.

මටත් හිතාගන්න බැරි එක තමයි ජන්ග්කුක් කන්ටේනර් තුනම වාරායට ඇවිත් ඒත් එතනින් එහාට කිසිම information එකක් නෑ

මේ ඩීල් එක ගැන අපි තුන් දෙනාට අමතරව දන්නේ කව්ද හියොන්.

ඈනා, ජන්ග්වූ විතරයි ජන්ග්කුක්

නම්ජුන් බිම බලාගෙන උත්තර දෙනකොට එකපාරටම ජන්ග්කුක් ගේ කාමරේ දොර ඇරගෙන ආවේ ජන්ග්වූ

JK boss කන්ටෙනර් එකේ ඩ්‍රයිවර්ලා තුන් දෙනාව හොයා ගන්න පුළුවන් උනා

ජන්ග්වූ හති දමමින් කියනකොට ජන්ග්කුක් තමන්ගේ ඉනේ තියෙන පිස්තෝලය ලෝඩ් කරගෙනම කේන්තියෙන් එලියට යනකොට නම්ජුන් යුන්ගි දෙන්නාත් ජන්ග්කුක් ගේ පස්සෙන් ගියේ ජන්ග්කුක් කරන්න යන්නේ මොකක්ද කියලා හිතා ගන්න බැරුව.

ජන්ග්කුක් බෙස්මන්ට් එකට එනකොට කන්ටෙනර් රථ තුන පදවපු ඩ්‍රයිවස්ලා තුන් දෙනා ඉදිරියේ දණ ගැහෙව්වේ ජිවිතේ අයදින්න හිතාගෙන.

අපි මුකුත් දන්නේ නෑ මහත්තයෝ අපි ට්‍රක් එකට නගින්න යනකොටම කව්ද කට්ටියක් ඇවිත් අපිව සිහි නැති කරලා දැම්මා සිහිය එනකොට අපි හිටියේ මහා පාරේ බොස්.

එක් රියදුරෙක් අඩ අඩ ජන්ග්කුක් ට උන දේ පැහැදිලි කරනකොට ජන්ග්කුක් වචනයක්වත් මුකුත් නොකියා ඔහේ බලාගෙන ඉන්න විදිහට යුන්ගි වාගේම නම්ජුන් පුදුම උනා.

අනේ බොස් අපි කිසිම දෙයක් දන්නේ නෑ  අඩුම තරමේ කන්ටෙනර් පෙට්ටි වල තියෙන්නේ මොනවාද කියලාවත් ඇත්තටම ........

වාක්‍ය සම්පූර්ණ කරන්න ඔහුට බැරි උනා. යුන්ගි අත් දෙක මිටිමොලවගෙන ජන්ග්කුක් දිහා බැලුවේ ජන්ග්කුක් නිකරුනේ කිසිම වරදක් නොකරපු ඒ රියදුරාගේ හිස පසාරු වෙන්න ම වෙඩි තියලා මරපු නිසා.

 𝗥𝗔𝗩𝗘𝗡𝗚𝗘 𝗟𝗢𝗩𝗘  (ON HOLD.)Where stories live. Discover now