🤍🤍RAVENGE LOVE 23 🤍🤍

1.3K 179 32
                                    

ජන්ග්කුක් ටේ හියුන් දෙන්නාම කෑම ගන්න හිතාගෙන Dining room එකට ගියත් ඒ වෙද්දිත් ඔක්කොම කෑම ටික සේවකයන් විසින් පිරිසිදු කරේ දැන් මධ්‍යම රාත්‍රියට ආසන්න නිසා.

JK බොස්...

ජන්ග්කුක් ව දැකපු එක් සේවකයෙක් ඉක්මනින් ජන්ග්කුක් ලගට ඇවිත් හිස නමනකොට ජන්ග්කුක් ඔහු දිහා බැලුවේ කේන්තියෙන් .

බොස්...චෙසොහම්මිනිදා අපි හිතුවේ බොස් කෑම ගන්න එන එකක් නෑ කියලා

ඒ පාර උබලා දිවැස් කියන්නත් දන්නවාද

ජන්ග්කුක් ඔහුට ගහන්න අත උස්සන්න හැදුවත් ටේ හියුන් ලග හිටිය නිසා හොද හුස්මක් අරන් පහත දලා ටිකක් සන්සුන් උනේ ටේ හියුන් ව මේ වේලාවේ බය කරන්න බැරි නිසා.

චෙසොහම්මිනිදා JK බොස් චොන්මල් චෙසොහම්මිනිදා ටේ හියුන් සර්.

විනාඩ් දහයයි උබලාට දෙන්නේ.

ජන්ග්කුක් කේන්තියෙන් ඔහු දිහා බලනකොට ඒ සේවකයා ජන්ග්කුක් ට හිස නමලා ඉක්මනින් ගියේ කෑම ටික පිලියෙල කරන්න.

ජන්ග්කුක් ..

හ්ම්ම් කියන්න ඩෝල්.

ජන්ග්කුක් මැසෙජ් එකකට රිප්ලයි කරලා පොන් එක ටෙබල් එකෙන් තියන ගමන් ටේ හියුන් දිහාවට හැරුනේ ටේ හියුන් ට සම්පූර්ණ අවදානය දෙමින්.

මන් කෑම හදන්නද.

අද එපා වෙන දවසක ඔයා මට අනිවාර්යයෙන්ම කෑම හදලා දෙන්න ඕනේ.

හ්ම්ම් හරි .

ටේ හියුන් යන්තමින් හිනා වෙලා කිචන් එක දිහා බලාගෙන හිටියේ සේවකයන් ටික ඉක්මනින් කෑම හදන හැටි බලාගෙන

ජන්ග්කුක් ටේ හියුන් දිහා ටිකක් වෙලා බලාගෙන ඉදලා ටේ හියුන් ගේ අතින් අල්ල ගන්නකොට ටේ ජන්ග්කුක් දිහාවට ඇස් යොමු කරේ පුදුමයෙන්.

ඇයි ජන්ග්කුක් .

ඇයි ඔයාව අල්ලන්න මට බැරිද.

ටේ හියුන් ට යන්තමින් හිනාවක් ගියේ ජන්ග්කුක් ඇහි බැමක් උස්සලා ඒ වචන ටික කියපු විදිහට

ඕන තරම් ඕන වේලාවක් කැමති තැනක් අල්ලන්න.

ටේ හියුන් ජන්ග්කුක් ගේ උරහිසට නිකට තියාගෙන ජන්ග්කුක් දිහා බලන් කියද්දි ජන්ග්කුක් ටේ හියුන් ගේ නලල සිප ගත්තේ හරිම ආදරණිය විදිහට

 𝗥𝗔𝗩𝗘𝗡𝗚𝗘 𝗟𝗢𝗩𝗘  (ON HOLD.)Où les histoires vivent. Découvrez maintenant