part 03

266 65 7
                                    

මම කල්පනා ලෝකේ ඉද්දි එක පාට්ටම කොළ ගුලියක් ජානුගේ මුනට වැදුනා.එත් එක්කම මට මේ ලෝකේ තියන එපාම කරපු හිනාව ඇහුණා...

මගේ මුනෙන් කේන්තිය උතුරද්දී මම ඌ දිහා බැලුවා....

ඔව් මු තමයි.....මුගෙන් තමයි මම මෙච්චර මගේ ජානුව බේරගන්න හදන්නේ.....

..............................................................................................................................................................

wang yibo...............

තමුසේට මොකද වෙලා තියෙන්නේ.ආව නම් පාඩුවේ ඉන්නවකෝ පැත්තකට වෙලා.

බින්...බින්... බින්....

දන්නවද එකක්.තමුන් අවුස්සලා ගන්න fun එක හරකෙන් අවුස්සලා වත් ගන්න බෑ ඕයි.

yibo, zhan දිහා ඇස් කොනකින් බලන ගමන් බිනා ගේ කනට කරලා කියලා ගිහින් ඉදගත්තා.

Xiao zhan pov...

බිනාගෙයි ලේකා ගෙයි කෝලම් ඉවර වෙලා ලෙකා ගාන හදන්න කියලා පන්තියෙන් යනවත් එක්කම බිනා මගේ ලගට ඇවිල්ල පුටුවේ ඉදගෙන කැරකි කැරකි හිටියා,උගේ නසරාණි මොංගල් හිනාවත් දාගෙන.මං ඉතින් දන්නවනේ මුට ගානක් තියා මෙලෝ මගුලක් හදාගන්න බෑ කියලා.ඉතින් ඌටත් ගාන කියලා දීගෙනම මම ගාන හද හද ඉද්දි මගේ මුනට වැදුණු කොළ ගුලියත් එක්ක මං ඉස්සරහ බැලුවා.එතකොට තමයි දැක්කේ දොර ගාවට වෙලා මං දිහා කට කොනකින් හිනා වෙලා බළන් ඉන්න එයාව...වැන්ග් යිබෝ....college එකේ වගේම campus එකේදිත් මට මේ දෙකම එපා කරවපු කෙනා.

තරහ ගිය බින් ටත් අනම් මනම් කියාගෙන එයා මගේ ඔලුවට පැනකින් ගහල ගිහින් එයාගේ නසරාණි යාළුවොත් එක්ක ඉදගත්තා.

මම college ගිය මුල් කාලේ එයා මාත් එක්ක හොදට කථා කරා.එත් මට හිතාගන්න බෑ එයා හදිස්සියේම එක පාට්ටම වෙනස් උනේ ඇයි කියලා.එයාගේ වෙනස් වීමත් එක්ක මට හම්බුන යාලුවෝ හැම කෙනෙක්ම වෙනස් උනා.මම තනි උනා..නෑ මගේ එකම හොදම යාළුවා උනේ බිනා විතරයි.වෙන කිසිම කෙනෙක් මට කථා කරේ නෑ.මට වෙනස් කම් කරා මිසක්.ඈත්තටම මම දන්නේ නෑ ඒ ඇයි කියලවත්.සමහර විට මම දුප්පත් මම නිසා වෙන්න ඇති.

wang yibo pov.........

මම වැන්ග් යිබෝ....මගේ තාත්තට තම Wangyi builders එක අයිති..ඔව් ඒක තමයි දැනට චීන වල තියන හොදම Construction company එක.අපේ එකින් කරන කිසිම Construction එකක් මේ වෙනකම් Fail වෙලා නෑ.college එකේදී වගේම campus එකෙත් මට වඩා ඉහලින් එකෙක් වත් නෑ.රුපෙනුත්,වැඩ වලිනුත්.මගේ dad .ඒ කියන්නේ Mr.Wang.එයා කියන්නේ ජිවිතේ තියෙන්න ඕනේ 01 විතරයි කියලා.02 වෙන්න ඕනේ නෑ කියලා..එයාගේ ජිවිතේ තිබුනේ 1 විතරයි. ....ඉතින් මාත් හැමදාම 01 ම විතරයි.චොල්ලේගේ එකේදී උනත් මම හැමදාම ටොප් උනා..ඒක මම කාටවත්ම දුන්නේ නෑ.

Wrong numberWhere stories live. Discover now