Part 35

187 36 4
                                    

ඔබට පුළුවන් සිප ගන්න දැන්....

ඒ කියනවත් එක්කම ලුසී යිබෝ ගේ ලගට තවත් ලං උනා...

**********************************************************************

යිබෝ ව kidnap කරපු අය එයාව අරන් ගිහිල්ල තිබුනේ වෙන කොහාටවත් නෙමෙයි wang මන්දිරයට....ඔව්..එයාව අරන් ගිහිල්ල දාල තිබුනේ එයාගෙම ගෙදරට වෙනකොට යිබෝ ට සිහිය එද්දී එයා හිටියේ එයාගෙම කාමරේ එයාගෙම ඇද උඩ....

ආඃ..මගේ ඔලුව..මම මේ කොහෙද ඉන්නේ.....මේ මගේ කාමරේනේ....ඇයි මම මෙතන ඉන්නේ...මම කොහොමද මෙතනට ආවේ,...

යිබෝ ට චිත්‍රයක් වගේ එක පාරටම හැම දේම මතක් වෙන්න ගත්තා....

මගේ ශානු...මම එයාව බේරගන්න ඕනේ..මම මෙතන ඉදල හරියන්නේ නෑ.නැත්තම් මට මගේ ශානු ව නැති වෙනවා....

යිබෝ ඉක්මනටම නැගිටලා ගිහිල්ල දොර ඇරගන්න උත්සහ කරත් එයාට බැරි උනේ දොර එළියෙන් lock කරලා තිබුන නිසා...

''මේ දොර අරිනවා....කවුද එළියේ ඉන්නේ.....දොර අරිනවා කිව්වම අහලා.මට මෙතනින් යන්න ඕනේ....''

''ඕ..ඕ.....බෝ ගගා....එළියේ ඉන්නේ නම් ඔයාගේ ආදරනීය future wife ....හැබැයි sorry ...දොර අරින්න නම් බෑ.මට පපා කියල ගියේ දොර අරින්න එපා කියල..මට ඔයාව ඕනේ නම්...ඉතින් ගගා..මට ඔයාව ඕනනේ....ඉතින් කීයටවත් මම දොර නම් අරියි කියල බලාපොරොත්තු වෙන්න එපා ඔයා.''

''ලුසී...හොද හිතෙන් කියන්නේ...අරිනවා දොර....මම තමුසෙව මරල දාන්න කලින් දොර අරිනවා.එත් එක්කම වගේ mr wang ආවා....''

''මොකද බෙරිහන් දෙන්නේ..මේ.....''

''පපා...ගගා දොර අරින්න කියල බනිනවා....''

''හරි මම එන්නම්කෝ එහෙනම්....දොර අරගෙනම ඇතුලට....''

mr wang එහෙම කියාගෙනම දොර ඇරගෙන කාමරේ ඇතුලට ආවා....දොර ඇරපු ගමන් යිබෝ එලියට දුවන්න හැදුවත් යිබෝ ගේ දෙපැත්තෙන් අල්ලාගෙන ඇදට දාල හිරකරගත්තේ mr wang ගේ මැරයෝ 4 දෙනෙක් වෙනකොට යිබොට හෙල්ලෙන්නවත් බැරිඋනා.''

''ආඃ...අත අරින්න මාව..අත අරින්න dad ...මට යන්න ඕනේ...please මට යන්න ඕනේ.''

''කෝ යිබෝ...තමුන් මට සද්දේ දාල ආවා නේද office එකේදී..දැන් මොකද කියන්නේ..මාත් එක්ක හැප්පෙන්න තරම් තමුන් පොඩි වැඩියි......මම මහා ගහක් නම් තමුන් ඒ ගහෙන් බිමට වේලිලා වැටෙන කොලේක ඉන්න පණුවෙක්....''

Wrong numberOpowieści tętniące życiem. Odkryj je teraz