love and trust

35 9 1
                                    

"දන්නවද මැණික... මට අම්මයි අප්පවයි මතක නැ.. අප්පව නම් මතකයි.. එ්ත් අප්පා හිටියේ එයා එක්ක විතරයි... මං තනියෙම හැමදේම දරා ගත්තා.. හැමදේම ඔයා එනකන් විතරයි... එතනින් එහාට ඔයා මගේ ලෝකෙම වුනා.. බයවෙන්න එපා අපි ඉක්මනින් ඔයාගේ අප්පච්චිව බලන්න යමු ... ඊට කලින් පොඩි වැඩක් තියෙනවා. .. "

"මො.. මොකද්ද අාදි? " විෂ් යටි හිතෙන් ප්‍රාර්ථනා කරන්න ගත්තෙ මේ එයා හිතන දේ නම් වෙන්න එපා කියලා...
මොකද මේ ආදී කියන්න යන දෙයින් එයාගේ මුළු ප්ලැන් එකම විනාස වෙන්න පුළුවන්...

"ඒක මං ඒ වෙලාවට කියන්නම් විෂු... "

ඊට කලින් මට මගේ වැඩේ කරගන්න වෙනවා...  මම මෙතැනට ආවේ ආදරේ කරන්න නෙමෙයි....මට සමාවෙන්න...




Two months later

"විෂු මං අාවා.... "

ආදී කෑගහගෙන පඩිපෙළ නැගගෙන ආවෙ ඒ දෙන්නාගෙ කාමරේට. ..

"ඔව්... හරි හරි අනේ... කෑගහන්න එපා අනේ...අයියෝ හරි හරි! උම්ම්ම්ම්මා... ආ එයා ආවා මම තියන්නම් බායි.. "

දොර ලඟටම අැවිල්ලත් අැතුළට අැරගෙන යන්න කියලා හිත කියද්දි ආදි එලියෙන් හිටියේ පලවෙනි සැරේට විෂ් මෙච්චර තමන් අැරෙන්න වෙන කෙනෙක් එක්ක අාදරෙන් කතා කරන බව දැනිච්ච නිසා... අවිශ්වාස කරන්න හේතු දාහක් තිබ්බත් ඒ ආදි ගේ එන්ජල්...
ලොකු හුස්මක් ගත්තු එයා ...

"විෂු.. "

"ඔහ් බබා.. "

මේ මාස දෙක ඇතුළත ගොඩක් දේවල් වෙනස් වුණා .... පෙම්වතුන් වුණ අාදි  විෂ් හරිම ලස්සනට ජීවත් වුණා...ඒත් කාලය යනවත් එක්කම විෂ් ගෙ සමහර හැසිරීම් ආදිගෙ හිතේ කුතුහලයක් එක් කරන්න සමත් වුණා.. මේ දෙන්නා එක කාමරේක නිදා ගන්න පුරුදු වුණේ..ආදී  විෂ් ගෙ පපුව උඩ නිදාගන්න පුරුදු වුන නිසා... කවදාවත් ගැහැනියකගේ  උනුසුම  නොවිඳපු ආදිට විෂ් ජිවතේට නැතුවම බැරි වුනා... පුංචි පුංචි දග වැඩ කරන ගමන් අාදි හැම තත්පරේම හැදුවේ එයාගේ නැතිවුන ළමා කාලය විෂ් ගෙන් ලබාගන්න...
එහෙත් විෂ් අාවේ ආදරේ කරන්න නෙමෙයිනේ ...එයාට මේ හැමදේකටම වෙලාව තියෙයිද ? පළිගැනීම....අාදරය....විෂ්ට තමන්ගේ අරමුණ අමතක වෙයි කියලා බය හිතුන නිසා ආදි ගෙන් ඈත් වෙන්න උත්සාහ කළා....බෑ...කොහොමද එයා මේ වගේ කෙනෙක්ගෙන් ඈත් වෙන්නෙ...ඒ ආදරෙ...කොහොමද අතරින්නේ කියලා සිය සැරයක් පවා හිතන තත්වෙට විෂ් ව ආධි පිස්සු වැට්ටුවා..

ඒත් මේ හැම දේකටම අවසානයක් තියෙනවා...

රෑට නිදාගන්න යද්දි ආදි විෂ් ගෙ තුරුලේ හිටියත්, මහ රෑට විෂ් ගෙ උනුහුම හොයන අාදි ට හැමදාම දකින්න පුලුවන් වුනේ  කෝල් එකකින් හිමීට මොනාද මුමුණන විෂ් ව...

පැය විසිහතරෙම විෂ් වෙනුවෙන් ම ජිවත් වන අාදි ට විෂ් ගෙ හැම වෙනස් කමක් ම දැනුනත් විෂ් අාදිව ආදරෙන් අන්ධ කරලයි තිබ්බේ ...

"බබා මම ගෙදර ආවා.. " කියමින් අාදි පිටිපස්ස හැරිලා හිටිය විශ්ව බදාගත්තා....




REVENGEWhere stories live. Discover now