_💔💔02_

536 130 43
                                    

..

..

..

..ම්ම්...හීන කියන්නෙ හීනයක්ම විතරයි....දකින මොහොතෙ හිත සැනසුවත් අවදි උනාම මහ හිස් කමක් ඉතුරු කරවන....ඒ..ත් සමහර වෙලාවට ඉටු කරගන්න බැරි දකින්න විතරක් පුළුවන් හීනයක් කියන්නෙ තාවකාලිකව උනත් ජීවත් වෙන්න බලාපොරොත්තුවක් .....ඉටු වෙන්නෙ නෑ කියලා දැන දැනම...බිදුනොත් හිත රිදෙයි කියලා දැනගෙනම , හීන තියෙනවා මොහොතකට හරි සැනසෙන්න පුළුවන් ....සදාකාලික අහිමිවීමට වඩා තාවකාලික හිමිවීම වෙනුවෙන් ජීවිතේට ලන් කරගන්න හීන අස්සෙ අතාරින්න ඕන උනත් අතාරින්න බැරි හීන තියෙනවා.....



..හරියට එයා වගේම....





















..මේහ්..ඔයා කාඩ් එක හොයාගත්තද...

මං ගැස්සිලා ගියා..ඔව් ඒ එයා..තාරූ මං ලගට ඇවිත් මගෙ මූනට එබුනා..දෙයියනේ..ඒ කියන්නේ එයාට මාව මතකද...

..ආ..හ්ම්ම්..ඔව් මේ හම්බුනා..තෑන්ක්ස් ඇහුවට...

..හරී....හ්හ්...

තාරූ අතත් වනන් ක්ලාස් එක ඉස්කෝලෙ නතර කරලා තිබ්බ බෙන්ස් කා එකට නගිද්දි මං බස් හෝල්ට් එක පැත්තට ඇවිදන් ගියා....ම්ම්..අදත් පල්ලිය ගාව වඩේ විකුනනනවා...ළමයි එක රොත්තට වට වෙලා වඩේ ගද්දි මං අහක බලාගෙන කාටවත් පේන්නෙ නැති වෙන්න අතේ ගුලි කරන් හිටිය දහසේ කාසි ටික දිහා බැලුවා..පනහක් තියෙනවා...බස් එකට හතලිහයි..ඒ.ත් දහයකින් මොනා කියලා කරන්නද...දැන් එකක් විස්සකට වැඩී..නැ..නෑ ..ඕවා ඕන නෑ..වඩේ කාපුවාම මං කොහොමද ගෙදර යන්නේ...බස් එකෙන් බැහැලත් ඇතුලට ඇවිදන් යන්න ඕනනේ..හතවත් වෙනවා ගෙදර යද්දි ..බැදුම් කාලා ගිහින් මග දිගට මොනා හරි උනොත්..ඒ නිසා සල්ලි තිබ්බත් ඕන නෑ.....

බස් එකත් එන්න පරක්කු වෙද්දි මං හෝල්ට් එකේ කනුවට හේත්තු වෙලා ඇගිලි ගැන්නා..ආයේ පන්ති තියෙන්නේ ලබන සදුදා.....තව සතියක් ඉන්න වෙනවා එයාව බලන්න...ඒත් ඒකත් හරියට ම විස්වාස නෑ....පලවෙනි පාරට එයා මගෙ ඇස් ඉස්සරහට ඇවිත් මාස පහකට වඩා වැඩි උනත් අදයි මං එයා එක්ක කතා කරපු පලවෙනි දවස.....තේරෙන්නෙ නෑ ඒකට සතුටු වෙන්නද නැත්නම් තව සති දෙකකින් එන විබාගෙන් පස්සෙ නම විතරක් දන්න එයාට හැමදාටම සමුදෙනන වෙන එකට අඩන්නද කියලා.....ඒ...ත් මං පසුතැවෙන්නෙ නෑ එයාට ආදරේ කරන එකට....කිසිම රසයක් නැති මගෙ ඒකාකාරී ජීවිතේ තප්පර ගානටකට හරි සතුටෙන් පුරවන්න තාරුට පුළුවන් වෙනකොට මං කියටවත් එදා ගත්ත තීරනේ ගැන පසුතැවෙන්නෙ නෑ.....




💍I SEE YOU💍 ( Zhanyi short Ff ✔  )Where stories live. Discover now