_💔💔09_

417 119 17
                                    

..

..


..




..තාරුවා වරෙන් මේ පැත්තට ....

දිනුක කෑ ගැහුවෙ මගෙ කන ගාව ඉදන්....මේ තරම් වෙලා මූනේ පුරවන් හිටිය ඒ ලස්සන හිනාව  මාව දකිනවත් එක්කම නැති වෙලා ගියා.....ඒ ඇස් ගැස්සුනේවත් තරහෙන් රතු උනේවත් නෑ..ඒත් ඒ ඇස්වල මං වෙනුවෙන් ලිය උනු හිස් බැල්මක් ඉතුරු වෙලා තිබ්බා...ඒක එක දශමෙකින්වත් කිසිම හැඟීමක්  ලිය උනේ නැති  පතුලක් නැති ආගාදයක් තරම් හිස් බැල්මක්...

..මට බෑ...උබට ඕන නම් වරෙන්...



































    ..හායි...















 

  මං ගැස්සිලා ගියේ කන ළඟින් ඇහුනු සද්දෙට...කොල්ලො සේරම බෝතලයක් කටේ ගහන් සින්දුවකට වැනි වැනි නටන්න අරන් තියෙද්දි මං දනිස් දෙක උඩින් අත් තියන් මුහුද දිහාම බලන් හිටියා.....මුහුදත් පිටින් නොපෙනුනාට කොච්චර රහස් හංගන් ඉන්නවද...සමහර විට අපිට හිතාගන්න  බැරි තරමෙ පුදුම දේවල්..මිනිස්සුත් ඒ වගේ....පිටින් බලලා කතා බහ කරන කෙනා ඒ මනුස්සයගෙ ඇතුල ගැන දැන ගත්ත දාකට වෙන්නෙත් ඒ රහස් පිලිගන්න බැරිව අතෑරලා දාන එක නැත්නම් මග අරින එක..ඇතුලාන්තය දිහා බලලා යාලුකම් හදාගන්න අය මොන දේ උනත් අන්තිමට ඉතුරු වෙනකොට පිට පෙනුමට රැවටෙන පිරිස හැමදාම වගේ ඒ වෙනස්වීම බාරගන්න අකමැත්තෙන් මග ඇරලා යනවා.....සමහර විට මටත් ඒකම වේවි..මාව තේරුම් ගත්ත ටික දෙනා ඇරෙන්න පිටින් බලලා යාලුකම් හදාගත්ත අය , මං කොල්ලෙක් වෙලත් කොල්ලෙක්ට ආදරෙයි කියලා දැන ගත්තු දාට මාව අතෑරලා යන්න යාවි...

   
  මං ඔලුව ඉස්සුවා.. හිතුවෙ නෑ එයාව මෙතන දකින්න ...ඒ නිසාම දකින දේ විස්වාස කරගන්න්න බැරිව මං වේගෙන් ඇහිපිය ගැහුවා...

  .හ්..හා...යි...හ්....

..හායි හායි....

  මූනම පුරවගත්තු හිනාවක් එක්ක එයා බියර් බෝතලයක් බදාගෙන මගෙ එහා පැත්තට වෙන්න වැල්ලෙන් වාඩි උනා....මනුස්සයෙක්ව උනත් ඇඳන් යන තරමට හුළං තිබුනා උනත් එයා එහා පැත්තෙන් වාඩි වෙනකොට දැනුනු හුළං පාරට මාව හිරි වැටිලා ගියා...දනිස් දෙක උඩ තිබ්බ අත් දෙක තවත් තද වෙනකොට එලියට පනින්න තරම් වේගෙන් ගැහුනු පපුව සන්සුන් වෙයන් කියලා මං කෙල පිඩක් ගිල්ලා....මට හුස්ම ගන්නත් අමාරුයි වගේ....ඇග පුරාම හිරියක් දුවනවා..කොහේට හරි දුවලා ගිහින් මුල්ලකට ගුලි වෙලා කෑ ගහන්න ඕන වගේ හැඟීමක් දැනෙනවා...දුර ඉදන් බලන් ආදරේ කරන කෙනාට ඒ ආදරේ තමන් ලගට ආවාම ඒක දරාගන්න හරි අමාරුයි ...කරන්න ඕන දේ පවා අමතක වෙලා යන තරමට එහෙව් වෙලාවට කලබල වෙලා සේරම කන පිට හරවගන්නවා....අනේ මන්දා මේ ආදරේත් ...ඒ හැගීමට පුලුවන් මනුස්සයෙක්ව නිවනවට වඩා අවුලන්න...හැම මොහොතකම...හැමතප්පරේකම එයාටම බැදිලා ගැලවෙන්න බැරි තරමට ආදරේ අපිව අවුලනවා...ගින්දරක්   , වේදනාවක් කියලා දැන දැනම උනත් සමහර තැන්වල දරාගැනීමක් එක්කම ඒ හැඟීමෙන් ඇවිලෙන්නත් නිවෙන්නත් කියලා දෙනවා.....


💍I SEE YOU💍 ( Zhanyi short Ff ✔  )Where stories live. Discover now