_💔💔15_

509 124 40
                                    




..

💛කතවට සති දෙකයි..1k reads..ආදරෙයි ඔයාලට....








..

..


..














..තා..රු...

..ම්හ්..

.තාරු මැනික..කෝ බලන්නකෝ...

..ම්හ්හ්..



  තාමත් එයා මට ගුලි වෙලා...මං හිතුවත් අපි දෙන්නට ලෝකෙන් වැඩක් නෑ කියලා කට කහන මිනිස්සුන්ගෙ කුණු කතා අහන්න ඕන නැතිකමට මං එයාව එක්කන් මගෙ ගෙදර ආවා.....සේනානායක සර්ට හේතු කියන වැඩේ දිනුක බලාගන්නම් කියලා කියනකොට මගෙන් මොහොතකටවත් ඈත් වෙන්න අකමැති උනු එයාවත් උකුල උඩ තියන් මට කා එක අරන් යන්න උනා....අවුරුදු හතකට කලින් ගන්න් ඕන කියලා හින මැවුව හොදම වර්ගයේ කා එකක් මන් ළඟ තිබ්බත් ඒක ගත්ත දවසෙ නොදැනුනු සතුටක් අද මට දැනෙන්න ගත්තා....මොකද තාරු මං ලග...මොන දේ තිබ්බත් වැඩක් නෑ හිතේ සතුට නැත්නම් කියන්නම එයා මං ළඟ...මට දැනෙන්නෙ ලෝකෙම මගෙ කකුල යටට ආවා වගේ හැඟීමක්....ඒ..ත් හරියට බැලුවොත් මගෙ ලෝකෙම ඉන්නෙ මගෙ උකුල උඩ.......නිදි උනත් වෙරි මතේ උනත් එයා මගෙ සුවදට ඉව කරනවා.....මග ඇරුනු සුවඳ හොයන්න වගේ ලොකු හුස්මවල් ඇඳන් පපුව පුරවගන්නවා......මං හිනා උනා...ඉහල පහල යන ඒ පපුව දිහා බලන් මං හිනා උනා.....කලින් දැනන් හිටිය නම් මේ පපුව පිරෙන්නම තිබුණෙ දුප්පත් කොල්ලෙක් ගැන ආදරයක් කියලා.....ම්ම්..ඇයි මං හිතන්නෙ කලින් දැනන් හිටියා නම් කියලා...සමහර විට මේක වෙන්න ඇති හොදම වෙලාව....එදා එකතු උනා නම් අපිට මුල් කාලේ සතුටින් ඉදලා පස්සෙ විදවන්න වෙන්න තිබුනා...ඒත් අපි මුලින්ම විදවපු නිසා අද සතුටින් ඉන්නව....අපි කොයිතරම් දොස් කිව්වත් දෛවය හැමදේම කරන්නෙ හරිම වෙලාවට...අපිට තියෙන්නෙ ඒ හරි වෙලාව වෙනකම් වැරදි තීරන නොගෙන බලන් ඉන්න එකයි....


..තාරු නැගිටින්න අපි ආවා...

..ම්හ්...

..කෝ ඉතින් ...

..ම්හ්ක්...



  එයා තවත් ඉඩ හොයන්න මට ගුලි වෙනවා..කොහෙටදෝ මන්දා රින්ගන්න හදනවා.....එයා වෙනුවෙන් මගෙ මුලු හදවතම ලියල දීලා තියෙද්දි මං තව කොහෙ කියලා එයාට දෙන්නද....මුරන්ඩුකමට වීදුරු පහක් විතර හිස් කරලා හිටිය තාරුට ඇස් දෙකවත් හරියට ඇරගන්න බැරි වෙනකොට මං එයාව අත් දෙකට උස්සගත්තා.....කන කෑම ඇගෙන් යන්නෙ නැද්ද මන්දා මෙ කොල්ලා පුදුම බරයි....මූනත් බෝලගෙඩිය වගේ තියන් මොනා කාලද මන්දා පිම්බිලා ඉන්නේ..නෑ නෑ එයා මහත නෑ...එ උනාට එයා පිරිලා...එකම වයසෙ උනාට මං කොච්චර කෑවත් එකම ගාන වෙනකොට එයා නම් එන්න එන්නම පිරෙනවා...ඇත්තටම මට සැකයි මේ කොල්ලා හිතේ දුක නැති කරගන්න කියලා කරලා තියෙන්නෙ කන එකවත්ද කියලා....

💍I SEE YOU💍 ( Zhanyi short Ff ✔  )Where stories live. Discover now