_💔💔08_

424 116 28
                                    

..

..

..




   දන්නවද....කාලේ ආපස්සට  ගන්න පුලුවන් කම තිබ්බා නම් මං අනිවාර්යයෙන්ම එදා ඒ ගමන නොයා මග අරිනවා....හීනෙකින්වත් හිතුවෙ නෑ මොහොතකට හරි ලන් කරගන්න හීන මැවුව ඔයා ඒ නිසා  සදහටම මට
අහිමි වෙලා යයි කියලා....

















    මට ඕන උනා බෑ කියන්න....ට්‍රිප් එකකට වියදම් කරලා සල්ලි නාස්ති කරන්න  තිබ්බ අකමැතිකමට ගෙදරින් කැමති නෑ කියලා බොරුවක් ගොතලා කියලා නොයා ඉන්න මට ඕන උනා....ඒත් හැමදාකම වගේ මං එකතැනකදි අතරමං උනා...තා...රු....එයා යනවා....ආයේ එන්නෙ කවදද හිතාගන්න  බැරිව එයා අවුරුදු ගානකට මෙහෙන් යනවා....එයා ගියොත් මාව අමතකම වෙලා යාවි....අලුත් රටක්,අලුත් වටපිටාවක්,අලුත් බාශාවක් , අලුත් යාලුවො එක්ක දෙතුන් පාරටකට වඩා නොදැක්ක සනූ කියන කොල්ලව තාරුට අමතකම වෙලා යාවි..ආපිට ආදරයක් නොදුන්නත් කොහොමද දෙයියනේ දරාගන්නෙ තමන් ආදරේ කරන කෙනාට තමන්ව අමතකම වෙලා ගියොත්....ඒ ගැන හිතද්දිත් හිත පිච්චෙන තරම....මට තේරුම් කරන්න අමාරුයි.....අයිතිය නැති තැන විදින්න වෙන වේදනාවට වඩා මතකය නැති තැන අත්විදින්න වෙන වේදනාව ගොඩක් ලොකුයි.....ඒ හින්දම මං තීරණය කලා තාරුව බලන්න යන්න...මොකද මේ අපි හම්බෙන අන්තිම පාර උනත් වෙන්න පුලුවන් ....





    ට්‍රිප් එකක් යමු කිව්වට එයාලා ලෑස්ති කරලා තිබ්බෙ බීච් පාටියක්...ගල්කිස්සෙ තාරුගෙ පවුලටම අයිති හොටෙල් සයිඩ් එකක් එක්ක ඒ වටේ බීච් එක එයාලා වෙන් කරන් හිටියා...ඉර බැහැගෙන යන අහසම රතු පාටකට හරවපු වෙලාවක වැල්ලෙම ගහපු කූඩාරම් දෙක තුනක් එක්ක ගිනි මැලේකුත් බාර්බ කියු මැශිනුයි තියලා තැන් තැන්වල කහ පාට ලයිට් එල්ලලා තිබ්බා...පිරිමි ළමයි විතරක් හිටිය පාටියේ කට්ටිය මුහුදු හුළං අස්සෙම දෙපැත්තට විසි වෙන ගමන් වොලිබෝල් මැච් එකක් ගහනකොට මං මොකෙක්ද එකෙක් ගානට බෙල්ල කරකවන ගමන් එයාල අස්සට ඇවිදන් ගියා.....කාටවත් මේ ලෝකේ සිහියක් නෑ..සමහරු කන තැන්වල...තවත් සෙට් එකක් වට වෙලා බෝතල් ටිකක් තුරුලු කරන් හතර මහ නිදානේ වගේ..ඒ අස්සෙන් වොලිබෝල් ගහන සෙට් එකේ කරච්චලේ මුහුදට හපන්....මෙතන හිටියේ ක්ලාස් එකේ මං දන්න දෙතුන් දෙනෙක් විතරයි..අනිත් අය මං කවදාවත් දැකලා නෑ..සමහර විට තාරුගෙ ඉස්කෝලේ අය වෙන්න ඇති..ඒ කවුරු හිටියත් කෝ තාරු. .මං බෙල්ල කැරකුවා...නෑනේ...කොහෙ ගිහින්ද. එයා මෙතන ඉන්න ඕනනේ....

💍I SEE YOU💍 ( Zhanyi short Ff ✔  )Where stories live. Discover now