chapter 18

1.5K 366 145
                                    

"ඔම්මා.....

ජන්කුක් ගෙ කටින් පිටවුනෙ ඒ වචනෙ විතරයි.ටේහියුන් හිතුවේ ජන්කුක් එයාගෙ ඔම්මට වෛර කරනවා ඇති කියලා,චූටි වයසකින්ම එයාව දාලා ගියාට.ඒත් ඇත්තටම ඒක එහෙම නෙමෙයි ජන්කුක් එයාගෙ ඔම්මට වෙන කාටත් වඩා ආදරෙයි.

ටේහියුන් බලන් හිටියේ ජන්කුක්ගෙ ඔම්මගෙ හැසිරීම,එයා ජන්කුක් දැක්කා කියලා මහලොකුවට සතුටු වුනේ නෑ වගේම ජන්කුක් අඩන එක එයාගෙ කදුලු ජන්කුක් ගෙ ඔම්මට වදයක් වගෙයි ටේහියුන් ට නම් පෙනුනේ..

"ජන්කුක් හැමදේම හරි ඔයාගෙ ඔම්මා ඉන්නවා,දැන් මගෙ ඇගෙන් අයින් වෙන්න,ලුක් බේබි ඔයාගෙ කදුලු ඔම්මගෙ ඇදුම්වල හැමතැනම "

ජන්කුක් ව අත් වලින් ටිකක් තල්ලු කරලා ජන්කුක් ගෙ ඔම්මා එයාගෙ ඇදුම් දිහයි ජන්කුක් දිහයි බැලුවෙ අප්පිරියාවෙන් වගේ.

"ඔ...ඔයාගෙ ඇදුම් ජරා ක..කරාට කු..කීට සො...සොරි ඔ..ම්..මා...."

ජන්කුක් එක අතක් ගුලි කරගෙන කදුලු පිහදාද්දි ටේහියුන් ජන්කුක් ලගට ගිහින් එයාගෙ ශර්ට් එකෙන් ජන්කුක්ගෙ මූන පිස්සෙ ජන්කුක් ගෙ ඔම්මා දිහාට මාරාන්තික බැල්මක් දාලා..

ඒක ජන්කුක් ගෙ ඔම්මා හොදටම දැක්කා උනත් එයා ටේහියුන්ගෙ ඇස් ඉක්මනට මග ඇරියා.

"ජන්කුකී,මේ ඔයාගෙ ඔම්මද?

ටේහියුන් ඇහුවෙ ජන්කුක් ගෙ නිකටින් අල්ලගෙන.ඒවගේම ටේහියුන් දැක්කා ජන්කුක් එයාගෙ සුලැගිල්ලෙන් එයාගෙ ඔම්මගෙ ගවුමෙ චූටි කෑල්ලක් හිර කරන් ඉන්න විත්තිය.

Little koo don't want loose his mom again....

ජන්කුක් ඔලුව වැනුවා විතරයි.එයා බලන් හිටියෙ එයාගෙ ඔම්මා දිහා.ජන්කුක්ගෙ ඔම්මා ජන්කුක්ව දාලා යද්දි ඕනිමනම් ජන්කුක්ගෙ වයස අවුරුදු හතක් අටක් වෙන්න ඇති,එයාට අවුරුදු ගානක් ගිහිල්ලත් තාමත් එයාගෙ ඔම්මව මතකයි.ඒවගේම එයාගෙ සුවද පවා
.....

"Babe ටිකකට එලියට එන්නකෝ.

ටේහියුන් ගෙ තාත්තා ජන්කුක් ගෙ ඔම්මව එක්කන් එලියට යද්දි ජන්කුක් ටේහියුන් ගෙ පපුවෙ එයාගෙ ඔලුව ගහගත්තා.හරියට චූටි පූස් පැටව් ඔලුව විතරක් හංගගන්න විදිහට,ජන්කුක් ගෙ හැම වෙනසක්ම දැනෙන ටේහියුන් විතරයි දැක්කෙ ජන්කුක් ඒතරම් බයවුනෙ එයාගෙ තාත්තට කියලා...

 Buttercup |taekook Where stories live. Discover now