I don't deserve this🥀

387 62 10
                                    

SEOUL NATIONAL HOSPITAL
11.30 am
.
.
පැය ගාණක surgery එකකින් පස්සේ තේ හ්‍යොන්ග් එයාගෙ පුටුව උඩට වැටුනේ දිග හුස්මක් හෙළමින්.

ටික වෙලාවකට පස්සෙ ඔහුගේ ඔෆිස් එකේ නිහැඬියාව බිඳිමින් තේ ගේ ෆෝන් එක රින්ග් වුණා.

කෝල් එක යුන්ගිගෙන්.

යූන්ගි තමයි jungkook ගේ ලේබල් එකේ, Midas Entertainment එකේ CEO. නමුත් ඒ දෙන්නගෙ බැඳීම කවදාවත් එතනට සීමා වුණේ නෑ...

ජන්ග්කුක් පොඩි කාලෙ ඉඳන් හැදුණෙ යූන්ගිගෙ මල්ලි වගේ. ජන්ග්කුක්ගෙ රෝල් මොඩ්ල් එක, වුණෙත් සහෝදරයා වුණෙත් එයාගෙ යූන්ගි හ්‍යොන්ග් තමා.

"හ්යොන්ග්..." තේහ්‍යොන්ග් හඬ අවදි කරා.

"ටේ, මං කියන දෙයින් කලබල වෙන්න එපා. වද වෙන්නැතුව හ්‍යොන්ග් කියන දේ අහන් ඉන්න."

යූන්ගි කිව්වේ ටේ ව සනසන ස්වරයෙන් නමුත් එයාගේ හ්යොන්ග්ගෙ කටහඬේ තිබුන නොසන්සුන් බව ටේ ට තේරුණා.

"හ්‍යොන්ග් ...! මාව බය කරන්නැතුව මොකද උනේ කියන්න.."

"ටේ, ජංකූක් ගේ කාර් එක ටිකකට කලින් accident වුණා."

ටේහ්‍යොන්ග් ව බලන් ඉද්දි සුදුමැලි වුණා..

"මොකක්?! හ්‍යොන්ග් !අනේ...."

"කලබල වෙන්න එපා ටේ... මං කියන එක අහන්න...දැන් ඔයා හොබී හ්‍යොන්ග් ලඟට යන්න. කුක් ER එකට එන ගමන්."

"හ්‍යොන්ග් එයාට ගොඩක් තුවාලද?"

ටේ ඇහුවෙ ඇස් දෙකෙන් බේරෙන කඳුලු එක්ක ඉකි ගහමින්..

"පේන්න තුවාලයක් නෑ ... කකුල පොඩ්ඩක් ඩැමේජ් වෙලා වගේ. වේදනාව නිසා කුකාගෙ සිහි නැතිවුනා."

ටේ හ්‍යොන්ග් සැනසීමෙන් අල්ලන් හිටිය හුස්ම පහළ දැම්මා..

යූන්ගිට හරිහැටි උත්තරයක් වත් දීලා කෝල් එක කට් කරන්න තරම් සිහියක් තේහ්‍යොන්ග්ට තිබුණේ නැහැ.

ඔහු දුවගෙන ගියේ හොස්පිට්ල් එකේ ඉස්සරහට... ඔහු යනකොටත් හෝසොක් (හොබී) එයාගේ හොඳම යහළුවා ඒ වගේම යුන්ගේ හස්බන්ඩ් එතැන හිටියේ medical staff එකක් එක්ක.

𝗬𝗼𝘂𝗿 𝗘𝘆𝗲𝘀 𝗧𝗲𝗹𝗹 | TAEKOOKWhere stories live. Discover now