You're My Destiny🥀

330 62 21
                                    

තේහ්යොන්ග් තප්පර කිහිපයක් ජන්ග්කුක්ගෙ ලොකු ඇස් දෙක අතරෙ අතරමන් වුණා. දිනන්න පුලුවන් සටනක් නෙමෙයි නිසාම තේහ්යොන්ග් එයගෙ අත හීන් සීරුවට ජන්ග්කුක්ගෙ අත උඩින් තිබ්බා. තේහ්යොන්ගෙ ඇස් වලින් මිදුන ජන්ග්කුක් එයාගෙ අත උඩින් තිබ්බ ටේගෙ අත හිමින් සැරෙ අල්ලගත්තා..

ඔහුගෙ දිග සිනිදු මුදුගිල්ලේ ලස්සන ඒවගේම මිල අධික පෙනුමක් තියන රිදී පාට මුද්දක් තිබුණා. මැද්දෙ පුන්චි දියමන්තියකුත් දිලිසුණා.. වාව්..මම ඇත්තටම මේ ඒන්ජල්ට ගොඩක් ආදරේ ඇති.. මේ රින්ග් එක ගොඩාක් වටිනවා වගේ.. ජන්ග්කුක් හිතුවෙ තේහ්යොන්ග්ගෙ අතේ තිබුණු මුද්ද හෙමිහිට ගලවාගෙන එහෙට මෙහෙට හරවන ගමන්..

ඊට පස්සෙ ජන්ග්කුක් දැක්ක දෙයින් ඔහුගෙ හුස්ම මොහොතකට නතර වුණා. මුද්දෙ ඇතුල් පැත්තෙ තද කලු පාටින් අකුරු වගයක් සටහන් වෙලා තිබුණා.

JK+TH💜

නොදැනුවත්වම ජන්ග්කුක්ගෙ මූණ ලොකු හිනාවකින් පිරිලා ගියා.. ඇත්තටම මේ මගේ හස්බන්ඩ් තමා... ඔහු තනියම සතුටු වුනෙ පොඩි දරුවෙක් වගේ...

දවසේ රෝලර් කෝස්ටර් එකක් වගෙ සිද්ද වුණ දේවල් ජන්ග්කුක් නිදි ලොවට ඇදගෙන යද්දි, තේහ්යොන්ග් එයාගෙ මුද්ද ජන්ග්කුක්ගෙ අතින් පරිස්සමට අරන් ආයෙ පැලඳ ගත්තා.

නින්දත් එක්ක පොර බදින ගමන් ඇස් පිල්ලන් ගහන ජන්කුක්ගේ ඇස් දෙකයි, පෞට් එකයි එක්ක ජන්ග්කුක්ව තවත් හුරතල් විදියට තේහ්යොන්ග්ට පෙනුනා. ටේ හෙමින් සැරේ ජන්ග්කුක්ව ඇඳේ හාන්සි කළා. ඊට පස්සෙ ඔහුගෙ නලල උඩට වැටිලා තිබ්බ අකීකරු කෙස් රොද හෙමිහිට පිරිමදිමින් ජන්ග්කුක්ගෙ නළල උඩ ආදරණීය හාදුවක් තිබ්බා..

නිදිමතෙන් වගේම තාමත් පුදුමයෙන් පිරිච්ච ජන්ග්කුක්ගේ ඇස් නැවතත් තේහ්යොන්ග් ගෙ ඇස් මුණ ගැහුණා..

"දැන් නිදා ගන්න කුකී.." තේහ්යොන්ග් සිහින් හඬින් මිමිණුවේ තමන්ගෙ වචන එක්කම පියවෙන ජන්ග්කුක්ගෙ ඇස් දෙක සිප ගනිමින්.

"මට පොරොන්දු වෙන්න," ජන්ග්කුක් ඇස් නොඇරම ඔහුගේ හඬ ආයෙ අවදි කළා..

𝗬𝗼𝘂𝗿 𝗘𝘆𝗲𝘀 𝗧𝗲𝗹𝗹 | TAEKOOKWhere stories live. Discover now