ඒ ඔබමයි❤💫

73 8 9
                                    

වැස්ස කොතරම් ඝෝෂා කළත්
අව්ව කොතරම් පීඩා කළත්
ශීත සෘතුව පරදා එන වස්සානය
ඔබමයි..

කොතෙක් තනු වූවත්
මිහිරි පදවැල් වූවත්
මට ඇසිය හැකි එකම ගීතය
ඔබමයි..

සයුර කැළඹූවත්
නැව සලිත කරවූවත්
ගිලෙන්නට ඉඩ නොදුන් වීරිය
ඔබමයි..

ගඟට බාධා ආවත්
ගලන ගඟ සැඩ වූවත්
එමඟ යන්නට කියා දුන්නේ
ඔබමයි..

වැටුණු විට මා හැඩුවත්
කදුලු වැගිරූවත්
වැටුණෙ අහසේ තරු ගොඩට යැයි සැනසුවේ ඒ
ඔබමයි..

රජ කිරුලු නොදැරූවත්
දෙව් පදවි නොලැබූවත්
දුවට රජු මෙන් බඹු ද වූයේ පියාණෙනි ඒ
ඔබමයි..

_ දෙව්_
_________________________________________

Vote🤗Comment💜💐

𝕯𝖊𝖆𝖗 𝖄𝖔𝖚 (On Hold)Where stories live. Discover now