පොද වැස්ස💙🌧🌻

18 6 4
                                    

වැහි බින්දු
හරි පරිස්සමට
පොළොවට වැටෙන්නෙ
පොළොවට රිදෙයි
කියලවත් ද

නැත්නම්

දෙදෙනම
කාලෙකින්
හමු වුණ නිසා
කරන
සුහද වැළඳගැනීමක්
වෙනුවෙන් ද

කොහොමවුණත්
වැහි බින්දු වලට නම්
පොළොවට සමු දෙන්න
හරි ලෝභයි වගේ
චිරි චිරි ගගා
කොයිවෙලෙත් එයා
පොළොව එක්ක
බර කතාවක

_දෙව්_
_________________________________________
Vote & Comment 😊💜💐

𝕯𝖊𝖆𝖗 𝖄𝖔𝖚 (On Hold)Where stories live. Discover now