A selenelion🌜⭐🌞

44 8 2
                                    

A selenelion
:a special lunar eclipse where both the Sun and eclipsed moon are visible in the sky at the same time

රෑ අහසේ
තනි තරැවක්
වළාවකට
මුවා වෙලා
කිව්වා මම
සඳට නොවෙයි
හිරුටයි පෙම් බැන්දෙ කියා..

කිසිදා ඒ
තනි තරුවට
හිරු මුණ නොගැසෙන
හින්දා
තම ආලය
පවසා ගත නොහැකිව
බොහො දුක් වූවා....

තනි තරුවේ
දුක දැක
සඳ කෙලෙසක හෝ
හිරු දැකලා
කියන්න සිතුවා
තරුවේ ආලය
මහමෙරක කියා....

ඒ ආලය
පවසන්නට
බටහිර අහසට වීලා
සඳ තාමත්
බලන් ඉන්නවා
හිරු නැඟ එයි කියලා....

රෑ අදුරත්
නිමවී
නව දිනකට මඟ
විවර වෙලා
පෙරදිග හිරු රැස් ඇවිදින්
සඳුගෙ මුහුණ
සිප ගත්තා....

හිරු දුටු විට
සඳුගේ සිතුවිලි හනිකට
වෙනස් වෙලා
වැටහුනෙ එවිටයි
තරු මෙන් සඳ ද
හිරුට
ප්‍රේම කළා....

_දෙව්_
_________________________________________
Vote🤗Comment💫💜💐



𝕯𝖊𝖆𝖗 𝖄𝖔𝖚 (On Hold)Where stories live. Discover now