Chapter 1

1.4K 257 101
                                    

A/N; මේ කතාව මං fb post එකක් දැකලා ලිව්වෙ. ඉතින් කතාවෙ නිර්මාණාත්මක අයිතිය එයාටත් යනවා. මං ඒ කතාව මගෙ විදිහට වෙනස් කරලා ලියලා තියෙන්නෙ. ඒ කියන්නෙ ඒ කතාවයි මගෙ කතාවයි ගොඩක් වෙනස්. හැබැයි අදහස අයිති එයාට.

•°•°•°•°•°•°°°°°°°•°•°•°•°•°•°°°°°°°°•°•°•°•°•

3rd person pov

ජන්ග්කුක් අමාරුවෙන් ඇස් ඇරලා බැලුවා. සුදුපාට සිවිලිමක් පේනවා. ඊට යටින් ෆෑන් එකක් කැරකෙනවා. වාහන වල හෝන් සද්දෙ එළියෙන් ඇහෙනවා. එයා අමාරුවෙන් ඔළුව හරවලා වටපිට බැලුවා. සුදු පාට කාමරයක් ඇතුලේ ජන්ග්කුක් හිටියේ. එයාගෙ අතට ගහපු cannula එකක් මඟින් එයාට සේලයින් සපයමින් තිබුණා.

"ඩොක්ටර්, එයා නැඟිටිනවා." නර්ස් කෙනෙක් ඉක්මනට ඩොක්ටර්ට ගිහින් කිව්වෙ ජන්ග්කුක්ගෙ ඇඟිලි යාන්තමට හෙලවෙනවා කියලා එයා දැක්කට පස්සෙ.

කොහෙද මම මේ ඉන්නේ?" එහෙම හිතන ගමන් ජන්ග්කුක් අමාරුවෙන් ඔලුව උස්සන්න හැදුවා. එයාගෙ මුලු ඇඟම වගේ බැන්ඩේජ් වලින් වෙළලා. ජන්ග්කුක් පියවි සිහිය ගන්න උත්සාහ කලා. ඒත් එක්කම වගේ සුදු කෝට් එකක් ඇඳගත්තු කෙනෙක් කලබලෙන් කාමරේට එනවා එයා දැක්කා.

"ඩොක්ටර් කෙනෙක්? එතකොට මම මේ ඉන්නෙ හොස්පිටල් එකේද?" ජන්ග්කුක් හිතුවා.

"සාජන් ජන්ග්කුක්?? දැන් කොහොමද ඔයාට? ඔයාට උන දේවල් මතකද?" ඩොක්ටර් අහද්දි ජන්ග්කුක් කල්පනා කරා එයාට මොකද උනේ කියලා. ඒත් එයාගෙ මතක ශක්තිය නැතිවෙලා වගේ එයාට දැනුනේ.

"ඔලුව ගොඩක් වෙහෙසවන්න එපා. සාජන් ඉක්මනට සනීප වෙයි. දැන් ටිකක් විවේක ගන්න. මං මේ ගැන ප්‍රොෆෙසර් නම්ජුන්ට දන්වන්නම්." ඩොක්ටර් ජන්ග්කුක්ව පරීක්ෂා කරන ගමන් කිව්වා. ඊටපස්සෙ ඩොක්ටර් ජන්ග්කුක්ගෙ සේලයින් එක මාරු කරලා එලියට ගියා.

"සාජන් ජන්ග්කුක්... කවුද ඒ??" එයාට හුරුපුරුදු බවක් දැනුන ඒ නම ගැන කල්පනා කරද්දි ජන්ග්කුක්ට හැමදේම මතක් උනා.

Jungkook's pov

1 month ago

මම office room එකට වෙලා නොඉවසිල්ලෙන් බලාගෙන හිටියෙ මං මුණගැහෙන්න ආපු කෙනා එනකම්. මොහොතකින් බර අඩි හඬක් එක්ක office room එකේ දොර ඇරුණා. ඊළඟ මොහොතෙ මගෙ ඉස්සර හිටියෙ ගාම්භීර රුවක්. Professor kim namjoon. දකුණු කොරියාවෙ බුද්ධි අංශ ප්‍රධානියා. කොරියාවෙ වැඩිම IQ අගයක් තිබ්බෙ ප්‍රොෆෙසර් නම්ජුන්ට. ඒ නිසා එයාගෙ මොලේ වැඩ කරෙත් වෙනස්ම විදිහකට.

Operation Alpha [Taekook - Oneshot]Tahanan ng mga kuwento. Tumuklas ngayon