Chapter 2

717 208 32
                                    

පැය කීපයකට පස්සෙ මගෙ ඇස් පිල්ලන් විවර උනා. හිමීට දෑස් හැරපු මට තේරුණා මං ඉන්නෙ සතුරන්ගෙ අතේ කියලා. මම හිටියෙ අඳුරු කුටියක, අත් පා බැඳලා දාලා. උනේ මොකද්ද කියලා කල්පනා කරද්දි තමයි මට මතක් උනේ සුගා මගෙ ඔලුවට පිස්තෝලය එල්ල කරනවත් එක්කම කවුරුහරි මට මොනාහරි drug එකක් inject කරා කියලා.

 උනේ මොකද්ද කියලා කල්පනා කරද්දි තමයි මට මතක් උනේ සුගා මගෙ ඔලුවට පිස්තෝලය එල්ල කරනවත් එක්කම කවුරුහරි මට මොනාහරි drug එකක් inject කරා කියලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"එහෙනම් ඒකයි මට සිහි නැති උනේ. කවුද හිතුවෙ agent suga අපේ පැත්තෙ නෙවෙයි කියලා? ප්‍රොෆෙසර් නම්ජුන්ටත් වැරදෙන වෙලාවල් තියෙනවා ඒ කියන්නෙ." එහෙම හිතන ගමන් මම මගෙ අත්බැඳලා තිබ්බ ලණුව ලිහිල් කරගන්න උත්සාහ කරා.

ඒත් ඒ ලණු බැඳලා තිබ්බෙ පොඩ්ඩක්වත් ලිහිල් කරගන්න පුළුවන් විදිහට නෙවේ. අත් සීරිලා වේදනා දෙන්න ගද්දි මං ඒ වැඩේ නතර කරා. මං දන්නෙ නෑ මං කොච්චර වෙලාවක් එහෙම හිටියද කියලා. මං එකපාරටම ගැස්සුනෙ 'ක්‍රීක්' හඬක් එක්ක මං හිටපු කුටියෙ දොර විවර වෙද්දි. ඇතුලට ආවෙ හැඩි දැඩි මිනිස්සු දෙන්නෙක්.

"අපි උඹට එක දවසක් දෙන්නම්. උඹ මෙහෙට ආපු හේතුව අපිට කියන්න ඕනෙ. ඒ වගේම උඹව එව්වෙ කවුද කියලත් අපිට දැනගන්න ඕනෙ." එක මනුස්සයෙක් එහෙම කියන ගමන් මං ළඟට ළං උනා. ඔහු තොල කට ලෙව කකා මං දිහා බලපු බැල්ම නම් මගෙ හිතට එක්කලේ ජුගුප්සාජනක හැඟීමක්.

"ඒ වගේම උඹලගෙ හමුදාවේ ඊළඟ ප්‍රහාර සහ යුධ සැලසුම් පිළිබඳව තොරතුරුත් අපිට අවශ්‍යයි." අනිත් මනුස්සයා මං දිහා දැඩි බැල්මක් හෙලන ගමන් කිව්වා.

"තමුසෙලට මගෙන් මුකුත් දැනගන්න වෙන්නෙ නෑ පාහරයෝ. මං මැරුණත් මගෙ රට පාවා දෙන්නෙ නෑ." මං තරහින් කෑගැහුවා. ඒ වෙලාවෙ මගෙ ඇඟ වෙව්ලනවා මට දැනුණා. "මට බෑ මගෙ රට පාවාදෙන්න.

Operation Alpha [Taekook - Oneshot]Where stories live. Discover now