Chapter 3

728 214 36
                                    

මං දන්නෙ නෑ මං කොච්චර වෙලාවක් සිහි නැතුව හිටියද කියලා.කොහොමහරි මං ඇහැරුනේ ඈතින් ඇහුන කටහඬවල් නිසා.

"බොස් අපි උට කරන්න පුළුවන් හැමදේම කරා. දැන් තියෙන්නෙ අන්තිම වැඩේ විතරයි."

"එපා දැන්ම. මේ තත්ත්වෙන් එහෙම දෙයක් කරොත් ඌ මැරිලා යයි. අපි උගෙන් අවශ්‍ය තොරතුරු කොහොමහරි ගන්නෝනෙ." ආයෙමත් ඒ ගැඹුරු කටහඬ.

"ඒත් බොස් ඌ දිහා බලාගෙන අපි මෙච්චර දවසක් හිටියෙත් හරි අමාරුවෙන්. කොල්ල චීස් කෑල්ලක් වගේ. බොස් එපා කියපු නිසයි අපි ඒ වැඩේ කරේ නැත්තෙ. අනිත් උන්ව අපි මෙච්චර දවස් තියාගත්තෙත් නෑ."

"ඌ අනිත් උන් වගේ නෙවෙයි. ඌ ප්‍රොෆෙසර් නම්ජුන් එවපු එකෙක්. ඒ හින්දා ඌ විශේෂයි."

"ඒත් බොස් ඌ හරි ඇට්ටරයි. තාමත් කට හෙලෙව්වෙ නෑ. බොස්ට විතරයි ඌ පොඩි දෙයක් හරි කිව්වෙ. ඌව කතාකරවන්න තියෙන එකම ක්‍රමයයි ඉතුරුවෙලා තියෙන්නෙ දැන්. ඌ මැරෙයි කියලා හිතනවනම් උට කන්න දෙමු අපි."

උන් කතාඋනේ මං ගැන. ඒත් උන් කියපු දේවල් මට හරියට තේරුණේ නෑ. Drugs නිසා මගෙ මනස විකාර වෙලා තිබ්බෙ. ටිකකින් මගෙ කුටියෙ දොර ඇරුනා.

Tiger, ඔව් ආවෙ එයා තමයි. ඌ මට වතුර වීදුරුවකුයි පාන් කෑල්ලකුයි ගෙනත් තිබ්බා. මං හිටියෙ දවස් ගානක් කුසගින්නෙ. ඉතින් ඌ ඒක මං ළඟින් තිබ්බ ගමන් මං ඒක කා ගෙන කා ගෙන ගිහින් වතුර එකත් බිව්වා. වහ දුන්නත් කමක් නෑ කියලයි මං ඒ වෙලාවෙ හිතුවෙ.

"උඹ නිහඬව ඉන්න ඉන්න උඹට තව වද විඳින්න වෙයි." ඔහු කිව්වෙ එච්චරයි.

ආයෙත් අර මිනිස්සු ඇවිත් මට current ඇල්ලුවා. මගෙ ඇඟ පුපුරල යයි කියලා මට හිතුනේ.

"මං ඇත්ත කිව්වොත් මුන් මේ වදේ නවත්තයිද? ඒත් මං කොහොමද මගෙ සහෝදරයො පාවල දෙන්නෙ?"
.
.
.
.
.
.
.
.
.

V's pov

මං දන්නෙ නෑ මට ඒ ඇස් දකිද්දි මොනවා වෙනවද කියලා. ජීවිතේට කවුරුත් හින්දා ගැස්සුනේ නැති මගෙ හිත එක තරු ඇස් දෙකක් ළඟ මේ තරම් දියවෙන්න ගත්තෙ කොහොමද?

"බොස් අනිද්දා da-on බොස් එනවා කිව්වා. ඊටකලින් අපි අරූගෙන් ඇත්ත දැනගන්න ඕනෙ."

Operation Alpha [Taekook - Oneshot]Where stories live. Discover now