Chapter 6 (Final chapter)

904 231 111
                                    

"හ්‍යුන්ගීට කෙල්ලො ගොඩක් ඉන්නැති නේද?" ජන්ග්කුක්ට මතක් උනා එයා ටේහ්‍යොන්ග්ව පළවෙනි දවසෙ දැකපු විදිහ.

"මට මොන කෙල්ලොද බනී.. මං මගෙ මුලු තරුණ කාලෙම වැය කරේ රට වෙනුවෙන්. මගෙ අතේ වැඩියෙන්ම තැවරිලා ඇත්තෙ මිනිස්සුන්ගෙ ලේ. මිනිස්සු කීයකට මං වද දුන්නද? මරලා දැම්මද? ත්‍රස්තවාදී කණ්ඩායමක අවුරුදු 10ක් විතර ඉන්නවා කියන්නෙ අපිත් ත්‍රස්තවාදීන් වගේ තමයි. කිසිම තෙතමනයක් නැති, හැඟීම් නැති හදවතක් මටත් තිබ්බෙ. හැබැයි අවුරුදු 5කට කලින් මං වෙනුවෙන් ඒ අපායට පය තිබ්බ සුරදූතයෙක් නිසා ගලක් වෙලා තිබ්බ මගෙ හදවත ආයෙමත් මෙලෙක් වෙන්න ගත්තා. මට ඕනෙ උනා ඔයාව අරන් පැනලා යන්න. ඒත් රට වෙනුවෙන් කරන්නෝන යුතුකම අමතක කරන්න මට බැරිවුණා. හැබැයි ඔයා මැරෙනවා දකින්න මට ඕනෙ උනේ නෑ. ඒකයි මං ඔයාව බේරලා ආපහු එව්වෙ කොහොමහරි. ඔයා වෙනුවට වෙන කෙනෙක් එතන හිටියත් මං ඒ දේ කරයි. හැබැයි ඔයා ගැන තරම් මං ඒ වෙන කව්රුත් ගැන වද වෙන එකක් නෑ. එයාව බේරගන්න බැරිනම් මං මැරෙන්න දෙයි. ඒත් ඔයා, මට කොහොමවත් ඔයාට නම් මැරෙන්න දෙන්න පුළුවන් කමක් තිබ්බෙ නෑ. මං මේ අවුරුදු ගානම බලන් හිටියෙ ඔයාව ආයෙ එකපාරක් හරි දකින්න. ඒකයි යුද්දේ ඉවර උන ගමන්ම මං ඔයාව හොයන් ආවෙ. ප්‍රොෆෙසර් නම්ජුන්ට ඕනෙ උනේ නෑ මට යන්න දෙන්න. ඒත් මට තවත් ඒ අප්‍රසන්න ජීවිතය ඕනෙ නෑ ඩෝල්. මට ඕනෙ මට ආදරේ කරන කෙනෙක් එක්ක ජීවිතෙ ඉතුරු කාලේ සතුටින් සාමයෙන් ගෙවන්න." ටේහ්‍යොන්ග් කිව්වෙ හැඟීම්බරව. ඒ ඇස් වල ජන්ග්කුක් ගැන තිබුණු සෙනෙහස හොඳටම පෙනුනා. ඒ ඉන්නෙ ජන්ග්කුක් මුලින් දැක්ක වෛර කරපු tiger නෙවෙයි. ඒ ඉන්නෙ ජන්ග්කුක්ව බේරගන්න උත්සාහ කරපු එයාගෙ ඩෝල්ට ගොඩක් ආදරේ කරන ටේහ්‍යොන්ග්.

"හ්‍යුන්ගී හරි. මට ඕනෙ උනෙත් ඒකමයි. ඒකයි මාත් හමුදාවෙන් අයින් උනේ. ඒත් කාටවත් මං වගේ අනාථයෙක්ට ආදරේ කරන්න ඕනෙ උනේ නෑ. ඒකයි මං තාමත් තනියෙන් ඉන්නෙ." ජන්ග්කුක් එහෙම කියලා බිම බලාගත්තෙ දුකින්.

"මට ඔයාව තේරෙනවා ඩෝල්. ඔයා වගේම මාත් අනාථයෙක්. මටත් කාත් කවුරුත් නෑ. ඒකයි මං අවුරුදු 17දි හමුදාවට බැඳුනේ. දැන් මට 30ක්. ඒත් තාමවත් මට ඇත්තටම ආදරේ කරන කෙනෙක් මට හම්බෙලා නෑ."

You've reached the end of published parts.

⏰ Last updated: Aug 23, 2023 ⏰

Add this story to your Library to get notified about new parts!

Operation Alpha [Taekook - Oneshot]Where stories live. Discover now