Part 3

37 14 7
                                    

ඊලඟ දවස වෙද්දි මේ තෙල්පාට වෙච්ච ලෙඩ හම මාරියාගේ උදරයේ ලොකු ප්‍රමාණයක පැතිරිලා ගිහින් තිබ්බා. ඒ උනත් ඒ මැද්දේ තිබ්බ ගැටිත්ත නම් තාමත් ඒ ප්‍රමාණෙන්ම තමා තිබ්බේ. ඒක වෙනස් වෙලා තිබ්බෙ නෑ. කණ්නාඩිය ඉස්සරහට වෙලා මේ වෙන දේ තේරුම් ගන්න බැරුව මාරියා එයාගේම ඇඟ දිහා බලන් හිටියා. ගැටිත්ත හම චුට්ටක් ඇදගෙනම පොඩ්ඩක් හෙලවුනා. ඒක දැකලා තමන් ගැනම අපුලක් දැනුන මාරියා ඉක්මනට ශර්ට් එක පල්ලෙහාට දාලා කණ්නාඩියට පසුපස හැරෙව්වා.

මේ තත්වයත් එක්ක කොහෙත්ම වැඩට යන්නේ නෑ කියලා තීරණය කරන් කාර්‍යාලයට කථා කරපු ඇය වැඩ පරිපාලකතුමාට තත්වය පැහැදිලි කලා.

"මොකක්? රෑශ් එකක් නිසා වැඩට එන්න බෑ? රෑශ් එකක් කියන්නේ මෙඩිකල් දාන්න හේතුවක්ද?"

තියෙන හිසරද මදිවට පරිපාලකතුමාත් කෑගහන්න ගත්තම තමන් කරන්න ඕනේ මොකක්ද කියලා මාරියාට අමතක උනා.

"මං ටෙස්ට් රිසාල්ට්ස් එනකන් ඉන්නේ. රෑශ් එකේ සාම්පල් එකක් ගත්තා ඩොක්ටර්. ඒක ටෙස්ට් කරලා මට දැනුම් දෙන්නම් කිව්වා."

පරිපාලකවරයා මොහොතකට නිහඬ උනා.

"ඕකේ. ඔය කියන රිසාල්ට් එක එන්න කොච්චර කල් යයිද?"

"මං දන්නෙ නෑ. සාම්පල් එක ගත්තේ දවස් දෙකකට විතර කලින්. සීරියස් මොකුත් නෙවෙයි නම් මට ඉක්මනට වැඩට එන්න පුලුවන් වෙයි."

"ඔයා හොඳින්ද? ඔයා මේක ගැන කරදර වෙනවා වැඩි වගේ නැද්ද?"

පරිපාලකවරයා මාරියාට සංවේදී උනා.

"නෑ මේ නෑ නෑ.."

කියාගන්න දෙයක් හිතාගන්න බැරුව මාරියා ගොත ගැහුවා.

"මං මේ වැඩි හොඳට තමා ටෙස්ට් රිසාල්ට්ස් එනකන් ගෙදර ඉන්නවා කියලා තීරණය කලේ. මේක බෝවෙන එකක් නම් එහෙම කාටවත් බෝනොවෙන්න කියලයි මං පොඩ්ඩක් සෙනඟ මගෑරලා ඉන්න හිතුවේ. කොහොම උනත් මට ලබන සතිය වෙද්දි වැඩට එන්න පුලුවන් වෙයි."

"අහ්හ් හොඳයි. ඔයා එහෙනම් ටිකක් රෙස්ට් කරන්න. ඉක්මනට ඕක හොඳ කරන් එන්න බලන්න. ඔයා නැතුව අපි මේ වීක් එක කොහොමහරි මැනේජ් කරගන්නම්."

මුලු උදේ වරුවම සෝෆා එක උඩට වෙලා කොට්ටයක් පපුවට තුරුල් කරන් ගුලි ගැහිලා හිටිය මාරියා එයාගේ උදරය දිහා බලන්න බය වුනා. ඒක අමතක කරන්න දවස පුරාම මෙලෝ වැඩකට නැති ටීවී එකේ යන විකාර වැඩසටහන් බල බල දවස ගෙව්වා.

එදා රෑ මාරියා පලවෙනි වතාවට මේ අප්‍රසන්න දේ සම්බන්ධ හීනයක් දැක්කා. එයා බාත් රූම් එකේ කණ්නාඩිය ඉස්සරහ හිටගෙන හිටියා. ඉල ඇට කූඩුවට පොඩ්ඩක් යට හරියෙන් පටන් අරන් යටිබඩේ යටටම යනකන් ලොකු කටක් වගේ බඩේ හම ඇරිලා තිබ්බා. කෙල පිරුණු තොල් පෙති දෙකක් එකමත එක ගැටි ගැටී ඇරෙනවා වැහෙනවා වගේ සද්දයක් නඟමින් මේ බඩේ තිබ්බ කුහරය චලනය වෙමින් තිබ්බා. මේ විදියට ඇරෙමින් වැහෙමින් තිබ්බ කුහරය ඒ හැම වතාවකම වාතය ඇතුලට උරලා ගත්තා. ඒ වාතයත් එක්කම මාරියාගේ අතත් ඒ කුහරය දිහාට ඇදිලා ගියා. කුහරය ඇරුණා, මාරියාගේ අත කුහරය ඇතුලටම ගියා. මුලින්ම ඇඟිලි, ඊලඟට මැණික් කටුව, වැලමිට පහල, වැලමිට. මේ විදියට මුලු අතම කුහරය ගිලගත්තා. මාරියාට ගිලගත්ත අත හරහා කුහරය ඇතුල දැණුනා. උදරය ඇතුලේ තියෙන්න ඕනේ අවයව වෙනුවට, තෙත, උණුසුම් මස් ගුලියක් අතට දැණුනා. මේ අප්‍රසන්න හීනය නවත්තගන්න බැරුව මාරියා ඒ මේ අත පෙරලුනා, ඊලඟට දකින්න වෙන්නේ මොකක් උනත් ඒකට කලින් ඇහැරෙන්න එයාට ඕනේ වුනා.

ෆෝන් එක රින්ග් වෙන සද්දේ මාරියාව ඒ භයානක හීනෙන් බේරගත්තා.

"මාරියා, මං ඔයාගේ ඩොක්ටර් කතා කරන්නේ. පුලුවන් තරම් ඉක්මනට හොස්පිට්ල් එකට එන්න වෙනවා ඔයාට. අපි දෙයක් හොයාගත්තා."

FLUKEOpowieści tętniące życiem. Odkryj je teraz