♥️ Mr.Jeon & Mis.Jeon - 08 ♥️

532 86 0
                                    


Author Note

ජන්කුක් ගෙදර එන්නේ ගොඩක් කෙන්තියෙන්.... ඒ තමන්ගෙ නංගි නැත්තම් තමන් ආදරේ කරන කෙල්ල එයාට හේසන් කරදර කරන බව හංගපු නිසා.... ජන්කුක් යුනි එකේ ඉදන් කෙලින්ම එන්නෙ ගෙදර... ගෙදර ආපු ගමන් කොල්ලා යන්නෙ කෙල්ලව හොයා ගෙන... වෙන්දට සාලේට වෙලා ටිවී බලන කෙල්ල අද එතන හිටියෙ නැති නිසා කොල්ලා කෙලින්ම ගියේ කෙල්ලගේ කාමරේට..... කොල්ලා කෙල්ල ඇතුලෙ මොනාද කරන්නේ කියලා බලන්නෙම නැතිව කඩාගෙන බිඳගෙන කාමරේට ගියා.....

" ඕ...ඔප්පා....."

කෙල්ල හොදටම බය වෙලා මොකද කෙල්ල දන්නවා එයාගෙ ඔප්පා කවදාවත් එයාගෙ රූම් එකට මෙහෙම එන්නෙ නෑ කියලා.... ඊටත් වඩා කෙල්ලට බය හිතුණේ කොල්ලගේ ඇස් දෙකට.... ඒවා රතු වෙලා ඒ විතරක් නෙමෙ කොල්ලගේ ඇගෙ හැම නහරයක්ම උඩ මතු වෙලා තව කොල්ලව වෙව්ලනවත් එක්ක...... කෙල්ල දන්නවා කොල්ලා මෙහෙම හැසිරෙන්නෙ කොල්ලට තරහා ගියාම කියලා......

" හ්හා....ඔප්පා...."

කොල්ලා නොන්ඩියට වගේ එහෙම කිව්වම කෙල්ලට ගොඩක් දුක හිතුනා....

" ඔප්පා... ඇයි මේ... ඇයි මේ තරහා ගිහිං....."

කෙල්ල බැරිම තැන එහෙම කොල්ලගෙන් ඇහුවෙ කොල්ලා මෙච්චර කේන්ති ගන්න හේතුව දැන ගන්න... හැබැයි එකෙන් වුණේ කොල්ලගේ කේන්තිය තව වැඩි වුණ එක.....

" හ්හා.... හරි මට කියනවා අද යුනි එක ගාවදී මොනාද වුණේ කියලා...."

කොල්ලා හැමදේම දන්නවා වුණත් ඒක කෙල්ලගෙන් ඇහුවෙ කෙල්ල දැන් වුණත් එයාගෙ ඔප්පට ඇත්ත කියයි කියලා හිතලා.....ඒත්

" මුකුත් ව්...වුණේ...නෑ..ඕ..ඔප්පා....ඇයි...ඔයා මගෙන්...ඒ..හේම..... ඇහුවෙ...."

" තමුන් කවදා ඉදන් ද බොරු කියන්න පුරුදු වුණේ.... කියනවා මට...."

කොල්ලා එතන තියන පුටුවකට හයියෙන් පාරක් ගැහුවේ තමන්ගෙ තියන තරහා කෙල්ලගේ පිටින් යවන්න බැරි කමට.....

" ඔප්පා...."

" කටවහා ගන්නවා..... මම මම හැදෙම දැක්කා..... තමුන් තවත් බොරු කියන්න ඕන නෑ..... "

කොල්ලා එහෙම කියනකොට කෙල්ල හයියෙන් අඬන්න ගත්තෙ කවදාවත් තමන්ගෙ ඔප්පා එයාට මෙහෙම කතා කරලා නැති නිසා.....

MR.JEON & MS.JEON <||JJK||> [completed]Where stories live. Discover now