♥️ Mr.Jeon & Mis.Jeon - 14 ♥️

468 71 0
                                    


" යු මන් මේ අහන්නෙ ඔයාගෙන් මේ ඔයා කාට හරි ආදරේ කරලා තියෙනවාද?..."

ඔප්පා එහෙම අහුවාම මන් බැලුවේ එයාගෙ මුණ දිහා... ඒ ඇස් වලින් මොනාද මන්දා මට හංගනවා වගේ තේරෙනවා. ඒත් ඒ මොනාද?. අනික මම කාටවත් ආදරේ කරලා නෑ. කොටින්ම කියනවා නම් ඔප්පා මට කොල්ලෙක් එක්ක යාලුවෙන්න තියා මට කොල්ලෙක් දිහා බලන්නවත් අවසර දිලා නෑ.....

ඉතින් ඇයි මේ. මොනාද ඔප්පා මගෙන් මේ අහන්නෙ. බැරි වෙලාවත් ඔප්පා කාට හරි ආදරේ කරනවද?.... නෑ නෑ වෙන්න බෑ... එතකොට මම.... අයිශ්.. මොනාද යුන්රා තමුසෙ මේ හිතන්නෙ.. ඒ තමුන්ගේ අයියා....

" යු..."

ඇත්තටම මගේ ඔප්පා කාටහරි ආදරේ කරනවාද?... ඒ කියන්නේ ඔප්පගේ ආදරේ මට නැතිවෙයි ද?....

" යුන්රා...."

මම එකපාට්ට ගැස්සිලා වගේ ඔප්පා දිහා බැලුවා.එතකොට තමා මට මතක් වුණේ මන් මෙච්චර වෙලා වෙන සිහියක හිටියෙ කියලා.. ඔප්පා මන් දිහා තාමත් බලන් ඉන්නවා.. මන් උත්තරයක් දෙනකන් වෙන්න ඇති....

" යු මන් අහපු දේට උත්තරයක් දෙන්න..."

ඔප්පා ආයිත් ඉස්සරහා බලන් මගෙන් ඇහුවාම. මාත් ඉස්සර බැලුවා... මට තේරෙනවා මගේ ඇස් වල කඳුලු පිරිලා කියලා.ඒත් ඇයි මේ... මම එක දිගටම ඇස්පිල්ලම් ගැහුවේ මගේ කඳුලු ඔප්පා දකින්න කලින් කඳුලු පාලනෙ කර ගන්න ඕන නිසා.....

" ඔව් මන් ආදරේ කරනවා...."

මම එහෙම කිව්වම ඔප්පා මගේ පැත්ත හැරුණා... දැන් එයාගෙ ඇස් ඉස්සෙල්ලා තිබ්බ විදිය නෙමෙ... එයාට තරහා ගිහින් ද?.... ඒත් මන් වැරදි දෙයක් කිව්වේ නෑ නේ....

" කව්ද යුන් කාටද තමුසෙ ආදරේ කරන්නේ....."

ඔප්පාගේ කට හඩ. මෙච්චර වෙලා මාත් එක්ක  කතා කරපු මනුස්සයා නෙමෙ මේ... එයාට හුගාක් තරහා ගිහිං....

" යුන්රා..."

" ඔයාට...."

ඔප්පා මගේ උරහිස් වලින් අල්ලලා අහනකොට මන් එයාට උත්තර දුන්නා... මන් එහෙම කියනකොට එයාගෙ ඇස් පුදුමෙන් ලොකු වෙලා... ඒත් එකට පුදුම වෙන්න ඕනද?... මම එයාගෙ නංගි එයා මගේ අයියා ඉතින් මන් එයාට ආදරේ කරනවා. ඉතින් ඒක වැරැද්දක්ද?... නෑ.... ඒත් මගේ හිත මගේ හිත කියන්නේ වෙනම කතාවක්... නෑ නෑ ඒක වෙන්න බෑ... තමුසෙට පිස්සු යුන්රා... තමුසෙට පිස්සු...

MR.JEON & MS.JEON <||JJK||> [completed]Where stories live. Discover now