♥️ Mr.Jeon & Mis.Jeon - 09 ♥️

516 77 0
                                    


මම යුන්ගේ එහා පැත්තෙන් ඇලව්නා.... මම එක අතක් ඔලුව උඩින් බැඳ ගෙන සිවිලිම දිහා ටික වෙලාවක් බලා ගෙන හිටියා... ඇස් කොනින් දැක්කා යුන්රත් සිවිලිම දිහා බලන් ඉන්නවා..... අපි ටික වෙලාවක් යනකං කතා කළේ නෑ....

" ඔප්පා...."

නිහඩියාව බිඳලා යුන් කතා කරන්න ගත්තා.....

" ඇයි මැණික....."

මම යුන්ගේ පැත්ත හැරිලා ඇහුවාම එයත් මගේ පැත්තට හැරුණා.... ඒ ඇස් වල තාම කඳුළු..... කම්බුල් වල වේලිලා ගිය කඳුළු පාරවල්.... මේ මන් නිසා නේද කියලා මතක් වුණාම මට මන් ගැනම තරහක් ආවා....

" ඔප්පා ඔයා මාත් එක්ක තරහා නෑ නේද....."

" මන් කොහොමද මැණික මගේ නංගිත් එක්ක තරහා වෙලා ඉන්නෙ...හ්ම්...මන් ඔයත් එක්ක තරහා නෑ...ඒත්..."

මන් එහෙම කියලා මගේ එක අතකින් යුන්ගේ කම්බුල අත ගැවා.......

" ඇයි ඔප්පා ඒත් කියන්නේ...."

" ඔයා කියලා තියෙනවා නේද මන් ඔයාගෙ ඔප්පට වඩා හොඳ යාලුවෙක් වගේ කියලා..."

" ඔව් ඔප්පා....."

යුන් මගේ ඇස් දෙක දිහා බලන්නම කියනකොට මට යුන් ගැන දුක හිතුණා..... ඊටත් වඩා මට එයාව බදාගෙන සනසන්න ඕන වුණා....

" එහෙනම් ඇයි මැණික ඔයා මට කිව්වේ නැත්තෙ.... ආ..... මන් ඔයාගෙ ඔප්පා නෙමෙ හොඳම යාළුවා හරි කියලා හිතලා කියන්න තිබ්බා යුන්...."

" මියානේ ඔප්පා....."

යුන් එහෙම කියාගෙන මාව බදා ගත්තා....මමත් ආපිට යුන්ව බදා ගත්තා..... ටික වෙලාවක් යනකොට මට දැනුණා මගේ පපුව හරියේ තෙත ගතියක්....

" යුන් ඔයා අඩනවද මැණික....."

මන් යුන්ගෙන් එහෙම අහුවම කෙල්ල තවත් තදින් මාව බදාගත්තා.... ඊට පස්සෙ මට ඇහුණේ කෙල්ලගේ ඉකිබිඳුම්.....

" යුන් ඔය අඩන එක නවත්තන්න....මන් දැන් ඔයත් එක්ක තරහා නෑ නෙ...."

මන් එහෙම කිව්වම යුන් මගේ පපුවෙන් ඇත් වෙලා මුණ දිහා බැලුවා.... මගේ මැණිකගේ ඇස් ඉදිමිලා.... කම්බුල් රතු වෙලා.....ඒ රෝස පාට තොල් වෙව්ලනවා...මට හිතුනේම ඒ රතු වෙලා තියෙන කම්බුල් මගේ හාදු වලින් තෙමන්න.... ඒ වෙව්ලන තොල් උරන්න..... ඒත් මන් එකට සුදුසු නෑ..... මොකද යුන් කියන්නේ මගේ නංගි.....

" ඔප්පා ඔයා මට දෙයක් ප්‍රොමිස් වෙනවද..."

" මොකක්ද මැණික....."

මම යුන්ගේ කම්බුල මගේ මහපට අඟිල්ලෙන් පිරිමදින ගමන් ඇහුවා.....

" ඔයා කවදාවත් මාත් එක්ක තරහා වෙන්න එපා ඔප්පා..... ඔයා තරහා වුණාම මට දරාගන්න බෑ....."

යුන් ඇස් වල කඳුළු පුරවන් එහෙම කියනකොට මන් යුන්ගේ ඉණ වටෙන් අත දාලා තවත් මගේ උණුහුමට එයාව තුරුලු කර ගත්තා.....

" නෑ මැණික මම කවදාවත්ම මගේ පණත් එක්ක තරහා වෙන්නේ නෑ..... මේ ඔප්පා ඉන්නතාක් කල් මන් මගේ මැණිකව පණ වගේ බලා ගන්නවා....හ්ම්.... කෝ දැන් ඉතිං අඬන්නේ නැතිව නිදාගන්න....."

මන් එහෙම කිව්වම යුන් මගේ පපුවට ගුලි වුණේ පුස් පැටියෙක් වගේ.... එයා හරිම කියුට්..... ඇයි මැණික ඔයා මගේ නංගි වෙලා ඉපදුණේ....ලබන ආත්මේ හරි ඔයා මගේ නංගි වෙලා ඉපදෙන්න එපා...මොකද මට ඕන ඔයා මගේ ආදරවන්තිවෙලා ඉන්නවට..... මම යුන්ගේ ඔලුව අතගැවා නින්ද යනකංම.... මට තෙරුණා කෙල්ල දැන් හොදටම නිදි කියලා..... පවු මගේ කෙල්ල මට සමාවෙන්න මැණික.... මේ ඔප්පා ආයිත් කවදාවත්ම මැණිකට බනින්නේත් නෑ ගහන්නෙත් නෑ....... ටික වෙලාවක් මාත් යුන්ව තුරුල් කරන් එක එක දේවල් කල්පනා කර කර හිටියා.... දන්නෙම නැතුව මමත් යුන්ව තුරුල් කරගෙන ම නින්ද ගියා........

_________________________________________

♥️ Park ha-yoon ♥️

MR.JEON & MS.JEON <||JJK||> [completed]Where stories live. Discover now