පළමු දිගහැරුම 🌼

399 59 51
                                    


Wang Yibo's Pov

ජීවිතේ කියන්නෙම මහ පුදුමාකාර දෙයක්. කතාවක් තියෙනවනේ ජීවිතේ එක දෙයක් නැති වෙන්නේ ඊට වඩා ලොකු දෙයක් ලැබෙන්න කියලා. මම ඒ කතාව තදින්ම විශ්වාස කරන කෙනෙක්.

හැමෝම කියන විදිහට මම මගේ අම්මව මරාගෙනම ඉපදුනු කාලකන්නියෙක්ලු. ඒම තමා සමහරක් ගමේ මිනිස්සු මම ගැන කතා වෙන්නේ. මම මගේ තාත්තව ඇහැටවත් දැකලා නෑ. එයා මගේ අම්මට මාව දිලා එයාව අතරමං කරලා ගිහිල්ලලු. මට ඇහුනා දවසක් ලොකු අම්මා මගේ ආච්චම්මත් එක්ක කතා වෙනවා.

එතකොට මගේ ජිවිතේ වටිනම කෙනා තමයි තමයී මගේ ආච්චම්මා. එයා තමයි මම මේ ලෝකේ එළිය දැකපු දා පටන්ම මාව බලා ගත්තේ. හරියටම කිව්වොත් එයා තමයී මගේ ලෝකේ අම්මයි තාත්තයි කියන චරිත දෙකම රග දැක්කුවේ. මගේ ආච්චම්මලා සාමාන්‍ය මද්‍යම පාන්තික මිනිස්සු. ඒත් මට අද වෙනකන් කිසිම දෙයකින් අඩුපාඩුවක් දැනෙන්න එයා ඉඩ දිලා නෑ. එයා මට හැමතිස්සෙම කිව්වේ කවුරුවත් කියන දේවල් වැඩක් නෑ. ඔයා ඔයාගේ හීනවලට යන්න. ඔයාගේ ජීවිතය දිනන්න කියලා.

මගේ පොඩි කාලේ ඉදන් තිබුන එකම හීනය වෛද්යවරයෙක් වෙන එක. ඉතින් එයා කිව්වා වගේම අද මම මගේ ජීවිතය දිනලා ඉවරයි. මම මගේ හීනෙට කෝමහරි ගියා. අද මම ශල්‍ය වෛද්යවරයෙක්. එදා මට අපහාස කරපු මිනිස්සු අද මට පුතේ කියලා කටපුරා කතා කරලා හිනාවෙනවා. ඉතින් මම කියන්නේ බොරුද දෙයක් නැති වෙන්නෙම ඊට වඩා ලොකු දෙයක් ලැබෙන්න.

දුම්රියේ හු හඩත් එක්ක අතිතයෙන් මිදුන මම වර්තමානෙට ආවේ මද සිනාහවකුත් එක්ක. ලබන සතියේ තමයි මගේ පළවෙනි පත්විම බාර ගන්න තියෙන්නේ ශැංහයිවල ශීයාවෝ හොස්පිටල් එකේ. අද ගමෙන් ආවේ මගේ හොස්ටල් එකේ නවතින්න. කලින්ම ගිහින් ලෑස්ති වෙලා ඉන්න එක කෝකටත් ලේසිනේ.

දුම්රිය ශැංහයි ස්ටේශන් එකේ නතර කරනවත් එක්කම මමත් බහින්න පොරකන සෙනග ගොඩේ කොමහරි බෑග් මලු ටිකත් උස්සන් බැහැ ගත්තා.

Ups! Gambar ini tidak mengikuti Pedoman Konten kami. Untuk melanjutkan publikasi, hapuslah gambar ini atau unggah gambar lain.
My happiness is you🌸-  [Zhanyi 💕]Tempat cerita menjadi hidup. Temukan sekarang