පස්වන දිගහැරුම

156 34 6
                                    

එයාගේ නිදහස් අත මගේ ඉන වටා එතුනේ මාව එයාගේ මස්පිඩු පිරුනු ඒ ශක්තිමත් පපුවට තව තවත් වෙද්දි......

එයා ලගින් එන්නේ අලුතින් පිපුන කඩුපුල් මලක සුවදක්... එයාගේ පපුවට තෙරපිලා හිට්ය මම ලොකු හුස්මක් ඇදලා ගත්තේ ඒ සුවදින් මගේ මුලු හිතම සුවපත් වෙද්දි.... මෙච්චර වෙලා තිබුන ඇගේ පතේ අමාරුවත් නැතිවෙලා ගිය මට දැනුනේ මාව සිහිල් සුළං රොදක පාවෙලා යනවා වගේ හැගීමක්....

ඇයි මේ සුවද මට මෙච්චරටම හුරුපුරුදුයි වගේ දැනෙන්නේ....

මගේ නිකටේ තිබ්බ එයාගේ අත හිමින් හිමින් උඩට ඇදිලා ගිහින් මගේ තොල් ළග නතර වුනේ මගේ හද ගැස්ම මටම ඇහෙන තරමට වේගවත් වෙද්දි.......

මගේ නිකටේ තිබ්බ එයාගේ අත හිමින් හිමින් උඩට ඇදිලා ගිහින් මගේ තොල් ළග නතර වුනේ මගේ හද ගැස්ම මටම ඇහෙන තරමට වේගවත් වෙද්දි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"ස...සර්..."

මගේ හඩින් මේ ලෝකෙට ආයෙත් ආව ශාන් මාව අත ඇරලා අඩි කිහිපයක් පස්සට ගියේ උගුරත් පාදන ගමන්... ලැජ්ජාවටද මන්දා එයාගේ හා කන් දෙකත් රතු වෙලා.... ඒක දැක්ක මට ලාවට හිනාවක් ගියේ මේ අර නපුරමද කියලා මතක් වෙද්දි....

හා..හා.. කියුට් අප්පා... දැන් නම් නිකන් හා පැටියෙක් වගේ.....

"යීබෝ මම මේ කියන්න ආවේ අද මම එද්දි ටිකක් රෑ වෙයි... ආජුම්මා කුස්සියේ ඉන්නවා මොනවා හරි ඕනි උනොත් එයාට කියන්න.... මොනවා හරි ගන්න එළියට යන්න ඕනි නම් ජියැන්ග් ඉන්නවා එයත් එක්ක යන්න.... තමුන් තාම මේ පැත්ත ගැන හරියට දන්නෙත් නෑනේ ඒ නිසා තනියම කොහෙවත් යන්න එපා.... දගලන්නේ නැතුව පරිස්සමට ඉන්න...."

හෑ.... මං කවදද දග කලේ.....

එහෙම කියපු එයා මගේ ඔලුවත් අත ගාගෙනම යන්න හැරුනේ මමත් නිකන් පුරුද්දට වගේ එයාගේ පස්සෙන්ම පල්ලෙහාට යද්දි.... එයා බෑග් එකත් අරන් අජුම්මටත් මං ගැන ගොඩක් උපදෙස් දිලා ගෙයින් එලියට බහිද්දි මම ආයෙත් එයාගේ පස්සෙන්ම ගෙයින් එලියට බැස්සේ එයා ආයෙමත් යන්නම් කියලා මගේ කම්මුලක් ලාවට අත ගාද්දි..

You've reached the end of published parts.

⏰ Last updated: Jun 20, 2023 ⏰

Add this story to your Library to get notified about new parts!

My happiness is you🌸-  [Zhanyi 💕]Where stories live. Discover now