තෙවැනි දිගහැරුම

211 53 43
                                    

"මළ කෙළියයි..... අද නම් උඹ ඉවරයි පුතෝ.... මගේ වේලාව කොහොමද දෙවියනේ මෙච්චරටම නරක් වුනේ.... කෝකටත් ආච්චම්මට කියන්න ඕනි මගේ කේන්දරේ පොඩ්ඩක් බලවන්න කියලා.... මට රාහු කාලෙවත් ලබලද දන්නේ නෑනේ..... හුවෑ..... "

ශාන් කාරයා තාම කෑම මේසෙට වැඩලා තියෙන්න එපායැයි තිස්තුන් කෝටියක් දෙවියන්ට ආයාචනා කරමින් අජුම්මාගේ පිටිපස්සෙන් තරප්පු පෙළ බැස්ස මගේ අවසන් බලාපොරොත්තුවත් ඇස් ඉස්සරහම කුඩු වෙලා ගියේ කෑම මේසේ මුල් පුටුවට වෙලා අබ අහුරුක් මුණට දැම්මත් පිපිරෙන සයිස් එකට කේන්තියෙන් ඉන්න ශාන්ව දැකලා....

"මු හරියට බලන් ඉන්නේ මාව බැදලා කනවද තම්බල කනවද වගේනේ යකෝ..... ශුවර් කරන්නත් බෑ මේ යකාව තරහ ගිහිල්ලා ඉන්න විදිහට සෝස් ටිකක්වත් ගාගන්නේ නැතිව මාව අමුවෙන්ම රෑ කෑම වේලට ගනිද දන්නේ නෑ...."

"මෙච්චර කෑම තියෙන එකේ තමුන්ව කන්න තරම් මට ඔලුවේ අමාරුවක් නෑ.... මොකද තමුසෙව කෑවයි කියලා බඩ පිරෙනවැයි..... කටු ටික විතරයි.... මස් කළදක් කියලා නාමයක් ගැවිලාවත් නෑ....."

මගේ ඇග දිගේ උඩ ඉදන් පහළට ඇස් ගෙනිච්ච එයා කිව්වේ කට කොනෙන් අමුතු හිනාවකුත් දාගෙන....

"යකඩෝ.... හෙන ගහන්න එපැයි මේ කියන කැත කතා වලට.... මගේ මේ හැන්ඩ්සම් බොඩියට නේද මේ මිනිහා මේ කටු ගොඩ කිව්වේ.... හරි හරි ඉතින් එයාට වගේ හුළං පුම්බපු ඇගක් නෑ තමයි.... ඒ උනාට මම මොන්ටිසෝරියෙදි මගේ රෝස පාට මකන කෑල්ලට මගේ එහා පැත්තේ හිටපු කෙල්ලත් එක්ක රණ්ඩු වෙලා ගහගෙන දිනලත් තියේ.... ඒම මට නේද මේ පුස්නාම්බා කටු ගොඩ කිව්වේ.... වාවන්නේ නෑ දෙයියෝ..... "

My happiness is you🌸-  [Zhanyi 💕]Where stories live. Discover now