සිව්වන දිගහැරුම

212 47 11
                                    

දිගින් දිගටම නොනැවති නාදවන ෆෝන් එක නිසා මම නින්දෙන් ඇහැරුනේ මගේ ඔලුව පැලෙන්න තරමට කකියද්දී..... ඔලුවේ කැක්කුම වැඩි කමටම ඇස් දෙකවත් අරින් නැතුවම ෆෝන් එක හොයන්න ඇද දිගේ අත ගෙනිච්චේ මේ පාන්දර මට කතා කරන්නේ කවුද කියලා හිතමින්.....

"සුදු පුතේ..... "

ඒ ආදරණීය ඇමතුමත් සමග ගැස්සිලා ඇස් හැරිය මම ඇද වියලට හේත්තු උනේ හිසේ කැක්කුමත් අමතක වෙලාම යද්දී......

"ආච්චම්මා...... "

"අනේ මේ මම උඹෙන් කෝල් එකක්වත් නැතුව ලේ වතුර වෙලා වගේ ඉදියේ මැණිකේ...... පරිස්සමින් ගියා නේද?..... මුකුත් කරදරක් උනේ නෑනේ මගේ කොල්ලට........ "

"මම පරිස්සමින් ගියා ආච්චම්මේ..... මම ඔයාට කෝල් එකක් ගන්න කියලා හිටියේ ඊයේ.... කොහෙද ඉතින් ඇදට වැටිච්ච ගමන් මට නින්ද ගිහිල්ලනේ....."

ආච්චම්මට ඊයේ කෝල් එකක් ගන්න බැරි උන එකට මය දැනුනේ ලොකු පසුතැවිල්ලක්...... පව් මම කෝල් කරනකන් ඊයේ නිදා ගන්නෙත් නැතුව බලන් ඉන්න ඇති.....

"මැණිකට මහන්සි ඇති..... දවසෙම ගමන් වෙහෙසනේ...... කටහඩත් හරි මහන්සි පාටයි....."

"දැන් නම් එහෙමටම කියලා අමාරුවක් නෑ ආච්චම්මේ....... "

එයාට මගේ චුටි වෙනසක් උනත් කටහඩින්ම අදුර ගන්න පුලුවන්.... තදටම හිසේ කැක්කුම තිබ්බත් දිවේ කටේ නොගැවි මම බොරුවක් කිව්වේ ඒ අහිංසක මනුස්සයට තවත් කරදර දෙන්න ඕනි නැති කමට....

"ඔයා දැන් හොස්ටල් එකේද ඉන්නේ පුතේ...... "

"නෑ...... ආච්චම්මේ...... හොස්ටල් එකේ මොකක්ද ප්‍රශ්නයක්ලු..... ඒ නිසා මට ටික කාලයකට ලොකු ඩොක්ටගේ ගෙදර ඉන්න වෙනවලු..... "

...............

"ආච්චම්මේ......."

...............

"ආච්චම්මේ.........."

.............

"ඇහෙන්නේ නැද්ද ආච්චම්මේ!........."

ගෙදරට සිග්නල් අවුල් ඇති......

"ආ.... නෑ.... නෑ.... පු..පුතේ..... මම අ...අහගෙන ඉන්නේ..... ඒ කිව්වේ පුතා ඉන්නේ ශාන් මහත්තයලගේ ගෙදරද?...."

My happiness is you🌸-  [Zhanyi 💕]Where stories live. Discover now