Chapter 10

475 152 30
                                    

ජීමින් ඇදෙන් නැගිටලා වටපිට බැලුවෙ හොර බැල්මෙන්...

එයාට නින්දක් අහල පහලකවත් තිබුනෙ නෑ.... ජුන්ග්කුක්ටත් නින්දක් නැතුවැති කියලා ජීමින්ට තේරුණේ ජුන්ග්කුක් එහා පැත්තෙ කාමරේ ඉදන් ඇදේ පොලු ගලවන සද්දෙ ජීමින්ට ඇහුන නිසයි....

ජීමින් එක්ක එක කාමරේ හිටියෙ වයසක මනුස්සයෙක්... ඒ මනුස්සයනම් හොදට ගොරව ගොරව නිදාගන්න සද්දෙ ජීමින්ට ඇහුනා...

ඒ වුනත් හෙට දවසෙ පැනලා යන්න ඕනෙ නේද කියලා මතක් වෙද්දි ජීමින්ට දැනුනු බය නිසාම එයාගෙ නින්ද පේන තෙක් මානෙකවත් තිබුනෙ නෑ....

ඒත් ජීමින්ට නින්ද යාගෙනම එද්දි ඇහුන සද්දෙ නිසා ජීමින්ට ඇහැරුනා...

එයා ඇදේ වාඩි වෙලා වේගෙන් ගැහෙන හදවතත් අල්ලගෙන සිවිලිම දිහා බලාගෙන හිටියෙ බයෙන්....

"ඒ වෙඩි සද්දයක් නේද ?"

ජීමින්ට හිතින් කියවුනා....

ඒත් එකපාරටම වෙඩි සද්ද කිහිපයක්ම නොනවත්වා ඇහෙද්දි ජීමින්ට කෑගැහුනා...

හැම රැදෙවියෙක්ම කෑගගහා වෙන්නෙ මොකද කියලා දන්නෙ නැතුව හිරකූඩු වලින් එලියට පැන ගන්න බැරුව දගලද්දි ජීමින් යකඩ කූරු අස්සෙන් එලියට ඔලුව දැම්මා...

එයාට එහා පැත්තෙ හිටියෙ ජුන්ග්කුක්... ජීමින්ට ජුන්ග්කුක්ගෙ අත අල්ලගන්න පුලුවන් තරමෙ දුරිනුයි ජුන්ග්කුක් හිටියෙ...

ජීමින් ජුන්ග්කුක්ගෙ අත අල්ලගත්තෙ ඒකෙන් එයාගෙ හිතට පොඩි හරි සැනසීමක් දැනුනු නිසයි....

තමන්ගෙ වැඩිමහල් සහෝදරයා බේරගන්න ඕනි කියන අදහසින් ජුන්ග්කුක් ජීමින්ගෙ අත තද කරලා අල්ලගෙන හිටියෙ තමන්ගෙ ජීවිත අනතුර ගැනවත් නොහිතා....

ජීමින් දැක්කා කොරිඩෝව කෙලවරේ තුවක්කු දික් කරගෙන හිටපු පොලිස්කරුවන් දෙන්නා කාටහරි නොනවත්වා වෙඩි තියනවා....

ඒ වුනත් ඒ දෙන්නටත් වෙඩි වැදිලා එතන බිම ඇදගෙන වැටෙද්දි කොරිඩෝවෙ හැම තැනම ලේ වලින් පිරුණා ...

ජීමින් දැක්කා පොලිස්කරුවන්ගෙ මෘත දේහ උඩින් පනින ගමන් ඉස්සරහට එන දෙතුන් දෙනෙක්....

Sir.Devil's Cock | YM  ✔Where stories live. Discover now