Chapter 31

412 99 70
                                    

හැම තැනම හමන හුලන් කුණාටු නිසාම කදු මුදුනෙ තිබුන හිම ඇවිස්සිලා පාරවල් වහගෙනයි තිබුනෙ... ඒ නිසාම ඝන වනාන්තරේ වුනත් සුදු පාටට පාට වෙලා...

ඒ කලු පාට ජීප් රත පෝලිම හිම, පාර දෙපැත්තට විසි කරන ගමන් වේගෙන් තාර පාර දිගේ ඉස්සරහට ආව බව ලන්-චෙන් දුර තියාම දැක්කා...

චෙන් දුම් පයිප්පෙ උරන ගමන්ම එයාගෙ අදුරු පාට බන්ගලාවෙ ඉදන් පහල බලාගෙන හිටියෙ අමුත්තො තමන්ගෙ ගෙදරට ගොඩ බහිනකම්... චෙන් නොදන්නවා උනාට තවත් දෙන්නෙක් දුර තියාම ගහක එල්ලිලා චෙන් දිහා බලාගෙනයි හිටියෙ...

කලු පාට ජීප් රත පෝලිම චෙන්ගෙ භූමියට ඇතුලෙ වෙනවත් එක්කම සද්දන්ත ගේට්ටු ඇරිලා වැහුනා...

ඒ නිසා කලු ඇදගෙන පයින් ගහක එල්ලිලා හිටපු දෙන්නා තව ටිකක් ගහේ උඩටම නැග්ගෙ පැහැදිලි දර්ශනයක් බලාගන්න ඕනි උනු නිසයි...

ජීප් රත පෝලිම පිලිවෙලින් චෙන්ගෙ බන්ගලාව ඉස්සරහ නවත්තන වෙලේ චෙන් ප්‍රදාන දොරටුවෙන් එලියට ආවෙ කලු පාට ලොකු ලෝගුවකුත් ඇග වටේ ඔතන් දුම් පයිප්පෙත් කටේ ගහගෙන...

එයාගෙ දුම් පයිප්පෙන් දුම් පිට වෙන වෙලේ චෙන්ගෙ ඉගියෙන් ආරක්ශකයො එකතු වෙලා ජීප් රත වලින් එලියට විශාල බඩු තොගයක් බෑවා...

ඒ හැම එකක්ම කලු පාට තීන්තෙකින් 'කුරුදු ආනයනය' යනුවෙන් ලේබල් කරලා තිබුනා... චෙන් කෙනෙක් ලවා හැම පෙට්ටියක්ම ඇරලා ඒවා ඇතුලට ඔලුව දාලා බලන වෙලේ ඒ පෙට්ටි ඇතුලෙ තිබුන හොර ජාවාරම් මත්ද්‍රවය තොගය පයිනස් ගහේ එල්ලිලා හිටපු දෙන්නට හොදට බලාගන්න පුලුවන් උනා...

චෙන්ගෙ මුර භටයො ඒ පෙට්ටි තොගය බන්ගලාව ඇතුලට ගොඩබාන වෙලේ මුලින්ම තිබුනු ජීප් රතයෙන් බැහැපු කෙනෙක් චෙන්ගෙ කන ලගට ලන් වෙලා මොනවහරි මිමිනුවා... ඒ අය මොනවහරි කතා කර කර සතුටු සාමිචියේ යෙදෙන වෙලේ පයිනස් ගහේ එල්ලිලා හිටපු ජන්ග්කුක් අත්තක තමන්ගෙ ස්නයිපර් තුවක්කුව රදවගන්න වෙලේ ටේහ්‍යන්ග් ඊට පල්ලෙහා අත්තෙ ඉදන් දුර බලන උපකරෙණෙකින් චෙන් දිහයි අනිත් අමුත්තා දිහයි බලාගෙන හිටියෙ වුවමනාවෙන්...

Sir.Devil's Cock | YM  ✔حيث تعيش القصص. اكتشف الآن