Chapter 15

498 139 75
                                    

සද්දන්ත වානේ ගොඩනැගිල්ල ඇතුලෙ තැන් තැන් වල සුපෝඛබෝගී ආසන වල ඉදගෙන හිටපු මාෆියා නායකයින්ගෙ සූක්ශම කපටි ඇස් යොමුවෙලා තිබුනෙ ජීමින් දිහාවටමයි...

ඒ වුනත් යුන්ගි හිටියෙ එයාගෙ හතර වෙනි විස්කි වීදුරුවත් පුරවගන්න ගමන්...

අනිත් හැම මාෆියා නයකයෙක්ම මාෆියා නයකයෙක් කියන්න පුලුවන් විදිහෙ පෙනුමකින් යුක්ත උනා...

ඒ අයගෙ මැරවර පෙනුමටම හරියන විදිහෙ ටෑටූස් ගොඩකුයි කැපුම් දාපු කලු හිසකෙසයි අත් වල පුරවගත්තු මුදු මාලයි නිසා ඒ අයගෙන් දරුණු පෙනුමක් දිස් උනා... ඒ අයගෙ කලු කෝට් සපත්තු කලිසම් ලස්සනට දිලිසුනා...

ඒ වුනත් ඒ අය මැද ඉද්දි යුන්ගිව පෙනුනෙ ටෙලිවිශනයේ නාට්‍යයක රගපාන නිලියක් වගෙයි... යුන්ගිව ඒ තරම්ම සියුමැලිව සහ සුදුමැලිවයි ජීමින්ට පෙනුනෙ... ඒ ඇරත් යුන්ගි ඇදලා හිටියෙ කලු කකුල් දිග පිජාමා කලිසමකුයි අත් දිග කලු කමිසයකුයි...

ඇත්තට එහෙම ඇදුමක් ඇදගෙන ඊට උඩින් කෝට් එකක් දාගෙන යුන්ගි ගුවන්තොටුපලකිනුත් ආවා නේද කියලා ජීමින්ට මතක් උනේ එවෙලෙයි...

යුන්ගි කකුල් දෙක සැප පහසු ශ්වේත වර්ණ ආසනේ උඩින් තියාගෙන විස්කි තොල ගෑවෙ එයාගෙ බන්ගලාවක ඉන්නවටත් වඩා සැපට...

යුන්ගිව පේන්නෙත් ඒ තරම් සියුමැලිව නම් ඒ අයට තමන්ව කොහොම පේනවා ඇත්ද කියලා ජීමින් හිතන්න ගියෙ නෑ...

ඒ වුනත් කාශ්ඨක අව්ව තියෙන මහ දවාලක මේ මිනිස්සු වානේ ගොඩනැගිල්ලක් යට මොන වස්තියක් අල්ලනවද කියලා ජීමින්ට තේරුණේ නෑ... ඒ අයගෙ කතාබහත් ටික වෙලාවකට නැවතිලා තිබුන නිසා නලල වටින් බේරෙන දාඩිය පිහ පිහ ඔහේ හිටගෙන හිටපු ජීමින්ට වොශ් රූම් යන්න තිබුනු අවශ්‍යතාවත් වැඩි උනා...

"මෙයාව කොහෙන්ද හොයාගත්තෙ ?"

කෙනෙක් යුන්ගි දිහා බලලා අහද්දි යුන්ගි අන්තිමේ ඔලුව උස්සලා බැලුවා...

"දිව්‍යලෝකෙන්..."

යුන්ගි කියද්දි ඒ අය අහක බලාගත්තෙ තරහෙන් වගේම පසුතැවීමෙන්... යුන්ගිගෙ ඒ වචනෙන්ම ඒ අයට තේරුණා ජීමින්ව විකුණන්න තරම් යුන්ගිට ආසාවක් නැති බව...

Sir.Devil's Cock | YM  ✔Where stories live. Discover now