Chapter 29

375 103 102
                                    

ජීමින් ඇග පුරා බේරෙන දාඩිය නිසාම ඇස් දෙක ඇරලා බැලුවෙ කම්මැලිකමේ... මුලින් එයාට ඉන්නෙ කොහෙද කියලවත් මතක තිබුනෙ නෑ... ඒ වුනත් ඒ ක්ශණයෙන්ම තමන් ඉන්නෙ යුන්ගිගෙ ඔෆිස් එකේ නේද කියලා මතක් වෙලා ජීමින් ඔලුව උස්සලා බැලුවා...

තාමත් රූපවාහිනියෙ නාලිකාව නාද වෙනවා ඇහිලා ජීමින් සෝෆාව උඩින් වාඩි උනේ ඔලුවත් අතගාන ගමන්... එකම පැත්තට නිදාගෙන ඉදලා එයාගෙ කොන්දත් රිදෙන නිසා ජීමින් කොන්ද අල්ලගෙන ඉස්සෙද්දි තමන් දිහා කෙනෙක් ඇස් දෙකත් ලොකු කරන් බලන් ඉන්නවා දැකලා ජීමින් බය වෙලා පස්සට විසි උනා...

ජීමින්ව හාන්සි පුටුව පල්ලෙන් වැටෙන්න කලින් කෙනෙක් තමන්ගෙ අතින් අල්ලගන්නවා දැකලා ජීමින් හැරිලා බැලුවා...

කවදාවත් නැතුව යුන්ගිගෙ ආරක්ශකයො දෙන්නෙක් ජීමින්ට පස්සහින් මිසයිල තුවක්කු වගේ සද්දන්ත තුවක්කු අතේ රදවගෙන ජීමින් දිහා බලාගෙන ඉන්න නිසා ජීමින් හැරිලා ඉස්සරහ ඉන්න අමුත්තා දිහා බැලුවා...

"ඔයා නැගිට්ටද ?"

ඒ කෙනා අහද්දි ජීමින් පුදුමෙන් එයා දිහා බලාගෙන හිටියෙ කියන්න ඕනි මොනවද කියලා හිතාගන්න බැරුව...

"ඔයා යුන්ගිව හම්බ වෙන්නද ආවෙ ? යුන්ගි තාම ආවෙ නෑ..."

ජීමින් කියද්දි ඒ කෙනාගෙ තොල් අගින් හිනාවක් පනිනවා දැකල ජීමින් තවත් වික්ශිප්ත උනා...

"ඒකට කමක් නෑ... මෙතන ඔයා ඉන්නවනෙ... "

ආයෙත් අමුත්තා කියද්දි ජීමින් තවත් පුදුම උනා... ජීමින් කකුල් දෙකත් එරිමිණියා ඔතාගෙන සෝෆාවෙ වාඩි උනේ නියපොතු හප හප...

"ඔයා මාව දන්නවද ?"

අමුත්තා ජීමින්ගෙන් අහද්දි ජීමින් වේගෙන් ඔලුව දෙපැත්තට වැනුවා නෑ කියලා අගවන ගමන්...

"ඔයා දන්නෙ නැද්ද ? මන් තමයි මින්-හන්ජි... හදුනාගන්න ලැබීම සතුටක්..."

හන්ජි කියද්දි ජීමින් හිස් බැල්මෙන් හන්ජි දිහා බලාගෙන හිටියෙ හන්ජි කියන්නෙ කවුද කියලා හරියටම හිතාගන්න බැරුව...

"මම යුන්ගිගෙ මල්ලි..."

හන්ජි කියද්දි ජීමින්ගෙ මූණට පලවෙනි වතාවට හිනාවක් ආවා... තමන් ඉස්සරහ බිත්තියෙ පොඩි කාලෙ යුන්ගි එක්කම පැත්තක ඉන්න තව පොඩි කෙනෙක්ගෙ පින්තූරයක් එල්ලලා තිබුනටවත් ජීමින්ට මුලදි හන්ජිව මතක් උනේ නෑ...

Sir.Devil's Cock | YM  ✔Where stories live. Discover now