Chapter 19

489 130 69
                                    

ජීමින් පඩිපෙල දිගේ පහලට බැස්සත් යුන්ගි ඒ වෙද්දිත් අතුරුදහන් වෙලා... තමන්ට ඉස්සරහින් පහල තට්ටුවට ආපු මනුස්සයා කොහෙද කියලා හිතන ගමන් ජීමින් හැරිලා බැලුවත් කුස්සිය පැත්තෙන් සද්දයක් ඇහුන නිසා ඒ පැත්තට ගෑටුවත්  කුස්සියට යනකොට දැක්ක ඇස් දෙකෙන් ජීමින්ගෙ ඇස් දිලිසුනේ සතුටින්...

"ජන්ග්කුක් ?"

ජීමින් කතා කරනවා ඇහිලා ජන්ග්කුක් හැරිලා බලපු නිසා ජන්ග්කුක්ගෙ කම්මුල් දිගේ දිග හිනාවක් ඇදෙනවා ජීමින් දැක්කා...

"හෙයුන්ග් ?"

ජන්ග්කුක් කෙදිරුවත් ඒත් එක්කම ජීමින් ඇගේ එල්ලුන නිසා ජන්ග්කුක් හිනා වෙන ගමන් පාත් උනේ ජීමින් ජන්ග්කුක්ගෙ කොණ්ඩෙ අවුස්සලා එයාව හිනාගස්සවද්දියි...

"ඔයාට කරදරයක් නෑ නේද...?"

ජීමින් ඇහුවත් ජන්ග්කුක් ජීමින් දිහා බලද්දි ජන්ග්කුක්ගෙ යටි තොල දිගේ ලේ ගලනවා දැකලා ජීමින්ගෙ ඇස් පුදුමෙන් දිලිසුනා...

"කවුද ඔයාට ගැහුවෙ ?"

"මන් ගැහුවෙ "

ජීමින් ඒත් එක්කම ඇහුන ගැඹුරු කටහඩ නිසා හැරිලා බලන වෙලෙයි එයා දැක්කෙ සින්ක් එකේ කෙලවර කකුල් දෙකත් වකුටු කරන් වාඩි වෙලා ඉන්න කෙනාව...  වෙනදට එයාගෙ ඉනේ දැවටෙන තුවක්කුව එයාට එහා පැත්තෙන් දිලිසි දිලිසි තියෙනවා ජීමින් දැක්කා...

ඒ ඇස් දැක්කම ජීමින්ගෙ මූණෙන් හිනාව අතුරුදහන් උනා...

"ඇයි ගැහුවෙ ?"

ජීමින් පුදුමෙන් ජන්ග්කුක් දිහා බැලුවත් ජන්ග්කුක් මොනවත් නොකියා කරාමෙ ලගට පාත් උනේ මූණ හෝදගන්න තිබුන වුවමනාවට...

ටේහ්‍යන්ග් සින්ක් එකෙන් බැහැලා ජීමින් ලගට කිට්ටු වෙද්දි ජීමින් ජන්ග්කුක්ට හේත්තු වෙලා ටේහ්‍යන්ග් දිහා බලාගෙන හිටියෙ පුදුමෙන් වගේම බයෙන්...

" ඇයි එයාට ගැහුවෙ ?"

ජීමින් ඇහුවත් ජීමින් ජන්ග්කුක්ගෙ ලගින්ම හිටගෙන හිටපු නිසා ටේහ්‍යන්ග් ජීමින්ව ලගට ඇදලා අරගෙන ජීමින්ගෙ කර වටින් අත දාලා බදාගත්තු නිසා ජීමින් ජන්ග්කුක් දිහා බැලුවත් ජන්ග්කුක් ඒ ගැන වැඩිය ගනන් ගත්තෙ නෑ....

Sir.Devil's Cock | YM  ✔Where stories live. Discover now