Chapter 05

135 41 37
                                    


"යොබසෙයෝ ..."

"යොබසෙයෝ ජූන්.."

"කොහොමද දැන් මිනීට? "

"තාම සිහිය ආවෙ නෑ ජූන්...නින්ද යන්න මෙඩිසින් එකක් ඉන්ජෙක්ට් කලා කිව්වා...නැත්නම් සිහිය ආපු ගමන් පේන් එකක් එයි කියල...."

"ඩොක්ටර්ස්ලා මොකද කියන්නෙ ජිනී?"

"හරියට මුකුත් කියන්නෙ නෑ...ටෙස්ට් වගයක් කලා...ඒවගෙ රිපෝට්ස් එනකන් තමා ඉන්නෙ"

"හ්ම්ම්....ඔයා කෑවද ?"

"ඔව් ජූන් , ටේයි යුන්ගියි දෙන්නත් ඉන්නවනෙ...එයලත් එක්ක කැෆේ එකට ගිහින් ආවා"

"....."

"ජූනි...."

"ම්ම්..."

"මට බයයි මගෙ පොඩි එකා ගැන....මට මහ අමුත්තක් දැනෙනවා..." ජින් කිව්වෙ පියවිලා තියන ජිමින්ගෙ අහිංසක ඇස් දිහා බලන ගමන්..

"බය වෙන්න එපා ජිනී....ජිමිනිට කිසි අවුලක් වෙන එකක් නෑ...මාත් අදම එනවා පුලුවන් උනානම්..ඒත් මේ දවස් දෙකේ මන් අනිවාර්යයෙන්ම ඉන්න වෙනවා ජිනී...ප්‍රොජෙක් එකේ වැඩ ටික ඉවර උන ගමන් මන් එනවා..."

"ඒකට කමක් නෑ ජූනි......ඔයා කිව්ව වගේ අවුලක් නැති උනොත් ලොකු දෙයක්.....ඒක නෙ- පො-පොඩ්ඩක් ඉන්න ජූන්...ම-මන් තව ටිකකින් ගන්නම්..."

එකපාරම ජින්ට දැනුනෙ එයා අල්ලන් හිටපු ජිමින්ගෙ අතේ චූටි ඇඟිලි හෙලවෙන විදිය...එහෙම්මම කෝල් එක කට් කරපු එයා එහා පැත්තෙ තියන ඩොක්ටර්ව කැඳවන්න තියන බට්න් එක ප්‍රෙස් කරල හිමීට ආපහු ජිමින්ගෙ කෙස් අතරින් එයාගෙ ඇඟිලි තුඩු අරන් ගියා..

.

• • • • • • • • • • • • • • • • • • • • • • • •

@Bern University , Switzerland

සොබාව සෞන්දර්යයෙන් අනූන හරිම ආකර්ශනීය පරිසරයකට හිමිකම් කියන්නෙ ස්විට්සර්ලන්තය කියන්නෙ ගොඩක් දෙනාගෙ සිහින පාරාදීසයක්, ට්‍රැවල් ඩෙස්ටිනේෂන් එකක් උන රටක්....එතකොට අගනගරය උන බර්න් නගරයේ ප්‍රධාන තැනක් උනේ බර්න් නැෂනල් යුනිවර්සිටි එක...නිල් පාටට පේන තණබිසි, මල් වගාවන් එක්ක යුනිවර්සිටි එක පුරා පැතිරුන ළමයින්ගෙ කටහඬවල් බර්න් නගරයේ සුන්දරත්වය එක්කලේ හරිම ප්‍රාණවත් බවක්....

• HOMEBOUND | ON HOLD •Onde histórias criam vida. Descubra agora