Chapter 11

129 24 58
                                    

ප්‍රධාන මාර්ගය දිගේ බූසාන් නගරය තුළට ඇදෙමින් තිබුන audi RS එකේ රියදුරු අසුනෙ හිටපු තරුණය හැරුනම අනිත් තරුණයො දෙන්නගෙම ඇස් ෂටර් එකෙන් පේන වටපිටාවට යොමු වෙලා තිබුනා.....


'මේ හැම දේම හුඟක් වෙනස් වෙලා......'.


හරියටම අවුරුදු 7කට පස්සෙ තමන් ඉපදුනු නගරය දකිද්දි තමන්ට දැනෙන්නෙ සතුටක්ද , දුකක්ද කියන්න ජිමින්ට වෙන්කරල හදුනගන්න පුලුවන් උනේ නෑ..ජීවිතේ ලස්සනම වගේම වේදනාත්මකම මතක පිරුණු මේ නගරෙට ජිමින් හුඟක් ආදරේ කලා...

පිටිපස අසුනෙ ඉඳන් හරිම ඕනකමින්, පුංචි දරුවෙක් වගේ වටපිට බලන ජිමින්ව මිරර් එකෙන් දැක්ක නම්ජුන් , ජින්ටත් ඒක පෙන්නද්දි ජින්ගෙ මූනෙ ඇඳුනෙ ආදරණීය හිනාවක්....ජින් කීපවතාවක්ම බූසාන් ඇවිත් තිබුනත් බූසාන් අතෑරලා ගියපු දවසෙ ඉඳන් ජිමින්ට බූසාන් එන්න අවස්තාවක් තිබුනෙ නෑ.....ඉතින් එයා තොලුත් උල් කරගෙන පුංචි දරුවෙක් කැන්ඩීස් දිහා බලනවා වගේ බලන් ඉද්දි එයාව පෙනුනෙ හරිම හුරතලේට..

මේක විනෝද චාරිකාවක් නොවුනත් කාලෙකට පස්සෙ බූසාන් යන නිසා මිසිස් කිම්ටත් එයාලා එක්ක එන්න කිව්වත් මිසිස් කිම් ඒකට පොඩ්ඩක්වත් කැමති උනේ නෑ...කොහොමත් මේ ගමන ගැන මිසිස් කිම්ගෙ හිත හරිම නොසන්සුන් වෙලා තිබුනා...


' ඇයි බූසාන්ම ? '

ඔමොනිම් , සමහර වෙලාවට අපේ දෛවය හරිම පුදුමයි ! ඉතින් ඒ එයාලගෙ දෛවයෙ ඒ විදියට ලියවිලා තියන නිසා වෙන්නැති !


ජින්ගෙ යාලුවෙක් උන ඩොක්ටර් ලීගෙ අපොයින්මන්ට් එක තිබුනෙ හවසට නිසා එයාලට හුඟක් වෙලාව ඉතුරු වෙලා තිබුනා...රෙස්ටුරන්ට් එකකින් ලන්ච් එක ගත්තු තුන්දෙනා ජිමින්ට ඕනි උන නිසාම බූසාන් නාරු පාර්ක් එකට ආවෙ ටික වෙලාවක් ඉන්න හිතාගෙන...

බුසාන් නගරෙ ආවේණික බව මුලු ලෝකෙටම පෙන්නන තැනක් උන බූසාන් නාරු පාක් එක ඕනම කෙනෙක්ගෙ හිත නිවන තැනක් උනා..සතියෙ දවසක් උනත් කිසිම වෙනසක් නැතුව පාක් හරිම කාර්‍යබහුල තැනක් වෙලා තිබුනා...දෙමව්පියො එක්ක ආපු පුංචි ළමයි , ක්ලාස් ඇරිලා එන ගමන් ආපු ටීනේජර්ස්ලා , ආදරේ බෙදාගන්න තරුණ ආදරවන්තයො , ජීවිතේ සැඳෑ සමය ගෙවන වැඩිහිටියො හුඟක් අය පාක් එක වෙතට ඇදෙමින් හිටියා...

• HOMEBOUND | ON HOLD •Where stories live. Discover now