Chapter 12

75 14 5
                                    


Flashback

ජිමින් බලන් හිටියෙ ටිකක් එහාට වෙන්න සෙල්ලම් කර කර හිටපු පොඩ්ඩො දෙන්නා දිහා....

එහාට මෙහාට දුව දුව කෑගගහ , හිනාවෙවී සෙල්ලම් කරන ඒ දෙන්නව දකිද්දි ජිමින්ට මතක් උනේ එයත් ඉස්සර කුකී එක්ක සෙල්ලම් කරපු විදිය....

අසනීප දරුවෙක් නිසා වැඩිය මහන්සි වෙන්න හො‍‍ඳ නෑ කියල කුකී හිටියෙ සෙල්ලම් කරන එක නවත්තලා....එයාට දුවන්න හොඳ නෑ , මහන්සි වෙන්න හොඳ නෑ , අනිත් ළමයි වගේ විනෝද වෙන්නත් බැහැ.....

අනික කුකීට යාලුවො කවුරුත් හිටියෙත් නෑ....ඉතින් එයාලගෙ ලොකු ගෙදර , සහෝදරයෙක්වත් නැතුව කුකී හිටියෙ තනිවෙලා....

හැබැයි වාසනාවකට වගේ කුකීට එයාගෙ ජින් හ්‍යෝන්ග්වයි , ජිමිනි හ්‍යෝන්ග්වයි අඳුරගන්න ලැබුනට පස්සෙ එයාට පාලුව කියල දෙයක් මතක්වත් තිබුනෙ නෑ.....

එයාලා පුංචි පුංචි හුරතල් පාට සෙල්ලම් ගොඩක් කරා , ජින් හ්‍යෝන්ගෙන් ලස්සන කතා ගොඩක් ඉගෙනගත්තා , චිත්‍ර ඇන්දා , සිංදු කිව්වා.....එයාලා හරි සතුටෙන් හිටියෙ.....

හැබැයි එක නපුරු දවසක් එනකල් විතරයි.....

දවසක් කුකී එයාගෙ ජිමිනි හ්‍යෝන්ග් එක්ක පාර්ක් මැන්ෂන් එකට චුට්ට දුරින් තිබුන පාක් එකට ගියෙ කුකී අලුතින් ගත්තු බෝල් එකෙන් සෙල්ලම් කරන්න....


' කුකීඊඊඊඊඉ......ඉක්මනට බෝලේ දන්නකෝඕ '


' අයියෝ ඔයා ඒක වීසී කලානේ......මන් තරහයි ඔයා එක්ක '


' මියානෙ හ්‍යෝන්ගී.....ඉල්ල මන් ඒක අලන් එන්නම්'


'දුවන්නෙපා කුකීඊඊඊ '


' කුකී ඕම ඉන්නකෝඔ '


'කුකීඊඊඊඊඊඊඊඊඊඊඉ '


පාරෙන් එහා පැත්තට විසී උන බෝලෙ අරගෙන ආපහු දුවන් ආව කුකීව කොහෙදෝ ඉඳන් ආපු ට්‍රක් එකක වැදුනෙ හිතන්නත් කලින්.......

You've reached the end of published parts.

⏰ Last updated: Nov 08, 2023 ⏰

Add this story to your Library to get notified about new parts!

• HOMEBOUND | ON HOLD •Where stories live. Discover now