Chapter 02

348 67 18
                                    

"යීබෝ....ඔයා මොකද මෙතන..."

"

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


"ඇයි බලාපොරොත්තු වෙච්ච කෙනා නෙවේද ම්ම්..."

මගෙ ඉස්සරහ හිටියේ යීබෝ...මගේ මූණ ළගටම ඒ මූණ ළං කරන් එයා අහද්දි එයාගෙ මුවින් මට ආවේ සැර ඇල්කොහොල් ගඳක් එක්ක මන් නහය අකුලන් බැලුවේ එයා දිහා...

"බීවද..."

"ම්ම්ම්...චුට්ටක්..."

"හොද චුට්ට ආ...ඩොක්ටර් කෙනෙක් නේද...බලනවා බීලාද නාලාද මන්දා තමුසේ..."

හීන් හඬින් මන් කිවේ ලාවට යන මියුසික් එකත් එක්ක මගෙ ඉන අල්ලන් පැද්දෙමින් හිටපු එයාගෙ ඇස් දිහා බලන්..ඒත් එක්කම.මතක් වෙච්ච දේත් එක්ක..

"කෝ උඹෙ දවසේ කෑල්ල...දාගන්න බැරිවුනාද..."


කලින් එයා කියපු කතාව මතක් වුන මන් අහද්දි මගෙන් දෑස් මුදවපු එයා...

"ඊට වඩා මේ වැඩේ වැදගත්..."

එයා කියද්දි ඇස් ලොකු කරගත්ත මම...

"මොන....කෝ බලන්න...තව කෑල්ලකට ඇහැ ගියාද...."

එහෙම කියමින් මගෙ වටේ ඉන්න අයගෙ මූණවල් බලපු මම ඒත් එක්කම ගැස්සුනේ මාව කවුරු හරි වැලමිට ළගින් ඇඳලා ගනිද්දි...

"මොන හ්-- ශූ... ??? මොකද මේ..."

ඔව් ඒ හිටියේ ශූ....යීබෝ අත් වලින් මාව ඇදලා ගත්ත ශූ මාව අල්ලන් ඩාන්ස් කරන්න ගත්තෙ මගෙ ඉන වටේ දෑත් යවලා හිර කරගන්න ගමන්...

"දැන අදුනගන්න ඕන කියලා වෙන වෙන අය එක්ක නටලා හරියනවද මැණික...ම්ම්..."

ඒත් එක්කම.ශූ කියද්දියි මට මතක් වුනේ මන් ආපු හේතුව...කට කොනකින් හිනා වුන මන් මගෙ අත් දෙක ශූගෙ කර වටේට දාගනිමින් තව තවත් එයාගෙ වතට හිර වෙමින් නටන්න ගත්තේ ඇස් කොනෙන් අපි දිහා ගිනි පිට වෙන ඇස් වලින් බලන් ඉන්න යීබෝ දිහත් බලන් වෙද්දි ටිකක් වෙලා අපි දිහා බලන් හිටි යීබෝ එතන හිටි කෙල්ලෙක්ගෙ අතින් ඇදන් නටන්න ගනිද්දි ඇතුලෙන් පිච්චුනත් මන් ආපු වැඩේට අවධානෙ දුන්න මම හැරුනේ ශූ දිහාවට...

Hidden Love ღ Where stories live. Discover now