Chapter 07 ( අවසානයට පෙර ! )

354 58 10
                                    

"ම්ම්හ්හ්....."

තද ඔලුවෙ කැක්කුමක් එක්ක ඇඟම කඩා දාලා වගෙ දැනුන ගතියත් එක්ක මන් හෙමීට ඇස් ඇරලා වටපිට බැලුවා.....මං හිටියේ කලින් මට සිහිය නැතිවුන කාමරේමයි.....කර්ටන්ස් වහලා තිබුන කාමරේ බෙඩ් සයිඩ් ටේබල් එක උඩ දැල්වුන ලෑම්ප් එකෙ ලා එළිය මුළු කාමරේම එළිය කරද්දි මං ඇඳ ඉස්සරහ බිත්තියෙ ගහලා තිබුන ඔරලෝසුව දිහා බැලුවා...

"හතට කාලයි....."

රෑ වෙන්නත් ඇවිත්...මෙච්චර වෙලා මං නිදාගන ඉදලාද.....මේ මිනිස්සු බලනවා ඇති උදව් කරන්න කියලා ඇවිත් හොඳට බුදි කියලා......ඇත්තටම මට මොකද වුනෙ.....වමනෙත් ගියානෙ...සමහරවිට ගිය ටිකේම ඇඟට විවේකයක් නොදුන්න හින්දා ඒ අමාරුවට වෙන්නැති....හ්ම්ම්....

මං ඇඳෙන් නැගිටලා ඉඳගත්තා වුනත් ඒ තත්පරේම ඔලුවට දැනුන කැරකෙන ගතිය නිසා මං ඔලුව හෙඩ් බෝඩ් එකට හේත්තු කරන් විනාඩි කීපයක් එහෙම්ම්ම හිටියා.....ඒත් එක්කම කාමරේ දොර ඇරෙද්දි මං ඇස් උස්සලා ඒ දිහා බැලුවා....

"ආරි...."

"ජාන්....ඔයා නැගිට්ටාද...?? දැන් කොහොමද ඔයාට ම්ම්....."

මොනාද මන්දා දීසි වගයක් භාජනෙක තියන් ආපු ආරි ඒ ටික සයිඩ් ටේබල් එක උඩින් තියලා මන් ගාවින්ම ඇඳෙන් වාඩි වෙන ගමන් මගෙ ඔලුව අතගෑවා....


"ටිකක් ඔලුව රිදෙනවා.....සොරි ආරි...මන් උදව් කරන්න කියලා ඇවිත් ඔයාලාට කරදර කරනවා නේ...."

"පිස්සුද ජාන්......ඔයා විතරයි මගෙ පවුලෙ කෙනෙක්ට ඉන්නෙ....එහෙම එකෙ ඔයා කොහොමද මට බරක් වෙන්නෙ.....විකාර නැතුව මේ සුප් එක බොන්න එන්න.."


මගෙ අත කොනිත්තන ගමන් ආරි කියද්දි මං ලාවට හිනාවුනා.....ඔව්....ආරිගෙ ගෙදරින් මේ දේවල් දැනගත්තාම එයාලා ආරිව ඒ පවුලෙන් අයින් කරා....කසාඳයක් බඳින්න කලින් බඩ කරගත්තා කියලා ආරිට හොඳටම බැනලා තිබුනා එයාලාගෙ නම්බුව නැති කරා කියලා.....දැන් ආරිත් එක පැත්තකින් බැලුවාම මං වගෙ තමා....ඒත් එකම වෙනස එයාට එයාගෙ මහත්තයාගෙ පවුල ඉන්නවා....මට මොකෙක්වත් නෑ.....


ආරිගෙ අතින්ම මං සුප් එකත් බීලා ඉවර කරද්දි එයා මට ඔලුවෙ නාන්න එපා කියන ගමන් කාමරෙන් යන්න ගියේ මං බාතෲම් එකට වොෂ් එකක් දාගන්න යද්දි.....



Hidden Love ღ Wo Geschichten leben. Entdecke jetzt