Chapter 04

251 55 5
                                    


"මොකක්...????.."



මන් කියලා ඉවර වෙනවත් එක්කම පුටුවෙන් නැගිට්ට මිසිස් වන්ග් කෑගහුවේ පුදුමෙන් ලොකු වුන ඇස් දෙකත් එක්ක..


"ඒ වගේම ආන්ටි...එයා දැන් ආරිව මඟාරිනවා....ආරිගෙන් ගන්න පුලුවන් හැමදේම ගත්තට පස්සේ එයාව කුණු මාලු කෑල්ලක් වගේ විසික් කරලා දාලා....ඇත්තටම ආන්ටි දිහා බලපුවාම අපිට මුලින්ම විශ්වාස කරන්නත් බැරිවුනා මන් ආවේ හරිම ගෙදරටද කියලා...."



සන්සුන් හඬින් කීව මම ඒත් එක්කම.ආරි දිහා බලලා ඔලුව හොල්ලද්දි බයෙන් බයෙන් වගේ මගේ දිහා බලන් මිසිස් වන්ග් දිහා බලපු ආරි එයාගෙ බෑග් එකෙන් ගත්ත ෆයිල් එකක් දික් කලෙ මට...

"ඔයාම දෙන්න..."

මන් කියද්දි මන් දිහා අසරණව බලන් හිටපු ආරි නැගිටලා තාමත් අපි දිහා පුදුමෙන් බලන් ඉන්න මිසිස් වන්ග් ගාවට ගිහින් අතේ තිබ්බ ෆයිල් එක දික් කලේ ඇස් බිමට නැඹුරු කරන්....









"දෙයියනේ...!!!"





ටික වෙලාවක් ෆයිල් එක දිහා බලන් හිටි මිසිස් වන්ග් ඒත් එක්කම පපුවටත් දෑතක් තියන් සෝෆාවට බර වෙද්දි මෙච්චර වෙලාම බිමට ඇස් නැඹුරු කරන් ඇඬුම පාලනය කරන් හිටි ආරිගෙ ඇස් වලිනුත් කඳුලු එලියට පනින්න ගත්තේ හීන් ඉකියකුත් පිටවෙද්දි වගේම ඉන්න තැනින් නැගිට්ට මම....

"මන් දන්නෑ මිසිස් වන්ග් මේ ගැන මොන තීරණයක් ගනීද කියන්න....ඔයා සමහරවිට ඔයාගෙ පුතාගෙ පැත්තෙන් හිතයි....ඔව් එයා කොල්ලෙක්නේ...හැඟීම් පාලනය කරගන්න අමාරුයි කියන එක...ඔයා ආරිට බනිවි...කෙල්ලෙක් වෙලා පරිස්සම් වෙන්න තිබුනා කියන්න.....ඒත් මන් හිතන විදිහට ඔයාත් මමත් අපි හැමෝම ජිවිතේ එක දවසක් හරි ආදරේ කරලා තියෙනවා මිසිස් වන්ග්....ඒ හැඟීම අපි දන්නවා...ආදරේදි අපි ගොඩක් පාලනය වෙන්නෙ හැඟීම් මගින්...ඒ වගේම අපි අපි ආදරේ කරන කෙනාව ගොඩක් විශ්වාස කරනවා...කොල්ලො නැතත් ගොඩක් අහිංසක කෙල්ලො කරන්නෙ ඒක....ඒකි කොල්ලාව ලෝකයක් තරම් විශ්වාස කරලා තමන්ට හිමි වටිනම දේ කොල්ලා වෙනුවෙන් දෙනවා...ඒත් ඒ එක තත්පරේකදී හිතුවා නම් කවදාහරි මොන කරුමෙකට හරි මේ තමන් විශ්වාස කරන එකා තමන්ව මොන හේතුවකින් හෝ දාලා ගියොත් තමන්ට යන අත මොකක්ද කියලා මොළෙන් කල්පනා කරා නම් මන් හිතන්නෑ අද ගොඩක් විවාහ වල අපිට ' සෙකන්ඩ් හෑන්ඩ් බඩු අපිත් පව් කියලා ගත්තානෙ කරුමෙට ' කියන වචන ඇහේවි කියලා....
නූපන් නොදරුවෝ ලෝකෙ එළිය දකින්නත් කලින් එයාලාගෙ දෙමාපියන්ගෙ වැරදි හින්දා කලලයෙන්ම අම්මාගෙ බඩෙන් සමුගන්න වෙයි කියලා....ඉපදුන ගමන් කුණු කූඩ වල දාලා යයි කියලා.....ඒ අතින් මන් මගේ යාලුවා ගැන ආඩම්බරයි....ඒකි වැරැද්දක් කරා නම් කරෙ  ඩැරන්ව විශ්වාස කරපු එක....ඌට ආදරේ කරපු එක...හැබැයි එහෙම කියලා තමන්ගෙ නූපන් දරුවාව මරාගන්න ඒකිගෙ හිත කොනකවත් තිබුනේ නෑ........

Hidden Love ღ Where stories live. Discover now